ප්‍රශ්න තොරතුරු

මට හුගක් තරහා යනවා.......... විශේෂයෙන්ම ගෙදර අයත් එක්ක. මට තරහ ගියාම මන් limit නැතුව බනිනවා...මේක නවත්තන්න පුලුවන්ද?

     

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔයාට තරහ යන බව ඔයා තේරුම් අරන් තියෙන නිසා , ඔයා මේ ගැටලුවෙන් මිදෙන්නට පලවෙනි පියවර අරන් තියෙනවා .  නිතරම තරහ යන්නේ ගෙදර අයත් එක්ක නම් , ඒකට විශේෂ හේතුවක් තියෙනවද? ඔයා පිටස්තර අයත් සමග  තරහ ගන්නෙ නැත්තන් ඒකටත් ඔයාට හේතුවක් තියෙනවද ?  ප්‍රශ්න දෙකට ඉස්සරවෙලාම උත්තර හොයාගන්න. 

 ඔයා මේ වන තෙක් යෙහෙළි වෙත ඉදිරිපත් කරන ලද ප්‍රශ්න විවිධාකාරයි . ඇතැම්විට ඔබට තරහ යන හේතුව  ඔබට ඇත්තටම ඇති ගැටලුව කුමක්දැයි නිවැරදිව තෝරා ගැනීමට නොහැකි වීම විය හැකියයැයි අප සිතන්නෙමු .  ඒකටත් හේතුවක් තියෙනවාද ? එහෙම නැතිනම්  ,  ඔබට ඇති  ගැටලුව තේරුම් ගත හැකි වුවත්, ඇත්ත ගැටලුව අපට ඉදිරිපත් කිරීමට තවමත් නොහැකි වී තිබෙන්නට පුළුවන.

එමනිසා මා ඔබට සුළු ක්‍රියාකාරකම් ටිකක්  කියන්නම් .ඔබට තරහ යන වෙලාවක් ආසන්නයේදී හෝ තරහ  පිට කිරීමෙන් පසු ආසන්න වේලාවක දී,  තරහ යෑමට හේතු වූවා යැයි සිතන සියලුම සිතිවිලි ලිඛිතව සටහන් කරගන්න. දැන් එය නැවත කියවා ,එයින් ඉවත් කළ හැකි යම් හේතුවක් තිබේනම් එය ඉවත් කොට නැවතත් ලියන්න .

මෙසේ එය ඉතාම කෙටි සටහනකට සීමා වන තෙක් කීපවාරයක් ලියන්න.

එය ඔබට පමණක් පෞද්ගලික ලිපියක් වීම වඩා වැදගත් .එහිදි ඔබට  හැඟෙන සැබෑම ගැටලුව අවබෝධ කරගත හැකි වේවි . 

එහිදී අපට එය ඉදිරිපත් කරන්නට හැකිනම් ඔබට වඩාත් සමීප පිළිතුරක් ලබාගත හැකි වේයැයි සිතමු.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

Sri Lanka Professional Psychological Counsellor's Association,

Sri Lanka Foundation, No 100, Nidahas Mawatha, Colombo 7.

Tel - 0773322348 / 0773322849

ප්‍රශ්න අසනු ලබයි 30 Dec 2018 Sun 9:52 AM