Boyfriend කෙනෙක් ඉඳිද්දි තව කෙනෙක්ට ආදරේ කරන එක වැරැද්දක්ද?
හිතවත් පරිශීලක,
ඔබේ ප්රශ්නයට ස්තුතියි.
ඔයාගේ ගැටලුව Boyfreindsla එක්කෙනෙකුට වඩා තියාගැනීම වරදක් ද කියන එක නේද ?
එහෙම ප්රශ්නයක් අහන්න මොකක් හරි හේතුවක් තියෙනවද ? ඒ කියන්නේ වරදකාරී වගේ . හැඟීමක් , එක් අයෙකුගෙන් සෑහීමකට පත් නොවන බවක් හෝ කවුරුන් තෝරා ගන්නවා දැයි යන ගැටලුවක් තිබේදැයි ඔබගෙන්ම විමසා බලන්න.
ඒ වගේ දෙන්නෙක් හෝ ඊට වඩා වැඩි ගණනක් ඔබ හෝ ඔබගේ හිතවතෙක් හෝ හිතවතියක් ඇසුරු කරනවා නම් ඔබ එ දිහා බලන්නේ කුමන ආකාරයෙන් ද ? කියා විමසා බලන්න.
ඒවාගේම මෙම ගැටලුව ඔබගේ හෝ ඔබ දන්නා කෙනෙකුගේ නම් , බලාපොරොත්තු වන්නේ කුමන අරමුණක් සාක්ෂාත් කරගැනීමට දැයි ිමසා බලන්නට අප ඔබට යෝජනා කරනවා. කෙසේවෙතත් ඔබට හෝ සමාජයේ වෙනත් පාර්ශවයකට මතු අනාගතයේ දී ගැටළුවක් ඇති වන පරිදි කටයුතු නොකිරීම අප සතු යුතුකමක් වන්නේය.
මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.
ඔබට තවත් ප්රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.
නිරතුරු ඔබ ලඟින්ම,
යෙහෙළි.
ප්රශ්න අසනු ලබයි 30 Dec 2018 Sun 5:02 PM