< !--WARNING : Respond.js doesn 't work if you view the page via file:// --> < !--[ if lt IE 9 ]>

ප්‍රශ්න තොරතුරු

මා දැඩි මානසික පීඩනයකට ලක් වී ඇත. මාගේ අවුරුදු 13 ක විවාහය ජීවිතය ඉතාම අසාර්ථක ය. මාහට පුතුන් තිදෙනෙකු සිටි. මාගේ ස්වාමි පුරුෂයා නිතරම මා මානසික පීඩනයකට ලක් කරන අතර මාගේ දරුවන්ට ද එසේ ම ය.ඔහු මා සමග කායික එකතුවීමෙන් කිසිදු තෘප්තියක් ලැබැන්නේ නැහැ.ඔහු ඔහුගේ අවශ්‍යතා පමණක් ඉටුකර ක්ෂණිකව එම ක්‍රියාව අවසන් කරනවා. මාහට එවිට සිතෙන්නේ වෙනත් කෙනෙක් ගෙන් එම පහස ලබාගන්න. මා නිවැරදි ද? උපදෙසක් දෙන්න යෙහෙළි.

       

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

අවුරුදු 13 ක විවාහ ජීවිතය තුල ඔබ ඉතා දුකින් ඉන්න බවයි අපිට පෙනෙන්නේ . එයට හේතුව වශයෙන් ඔබ ඉදිරිපත් කළ ගැටලුවේ සඳහන් වන්නේ සැමියා ඔබගේ සතුට පිළිබඳ තැකීමක් නොකරන බවයි. ඔහු එසේ කිරීමට යම් හේතුවක් තිබේද? ඔබ විවාහ වූ මුල් දිනවලදී  ඔබ දෙදෙනා අතර තිබූ ලිංගික සම්බන්ධතාවය හා වර්තමානයේ පවතින තත්වය අතර වෙනසක් තිබේද ? එසේ වෙනසක් තිබේ නම් , ඔබගෙන් ඒ සඳහා කිසියම් දායකත්වයක් ලැබී තිබේදැයි යන ගැටලු වලට ඔබට එකඟව පිළිතුරු සොයා ගන්නට අප ඔබව දිරිමත් කරනවා. 

විවාහ වූ මුල් දිනවලදී  පිරිමින්ට ඉතා ආකර්ෂණීය විදියට සිටින්නට ගැහැනුන් උනන්දු වන නමුත් දරුවන් ලැබූ පසුව බොහෝ වෙනස්කම් වලට භාජනය වෙනවා. ඇතැම්විට මේ සඳහා ඔබගේ නිදන කාමරය තුළ තිබෙන බාධාවන් ද බලපා තිබිය හැකිය .මෙය බොහෝ විට සිදු වන්නේ අනවබෝධය නිසයි. එහිදී ඔබ දෙදෙනා අතර සමීප සාකච්ඡාවක් කළ හැකි නම් එය ඉතා අගෙයි.
එහිදී ඔහුගෙන් හෝ ඔබගෙන් යම් අඩුපාඩුවක් සිදු වුනේ නම් ,ආදරණීයව එය සකසා ගැනීමට ඔබට  හැකි වේවි.   කෙසේවෙතත්  දෙදෙනා සාකච්ඡා කිරීම බොහෝ වැදගත් යැයි අප යෝජනා කරන්නෙමු . යම් ඌනතාවයකට විසදුම ලෙස සොයාගන්නා පිළිතුර ඇතැම්විට ඔබ තවදුරටත් පීඩාවට පත්කිරීමට ඉඩ ඇති  නිසාත්, 
 දරුවන්ගේ වගකීම අම්මා කෙනෙකුට භාර වන නිසාත් , පවුල තුළම ප්‍රශ්නය විසඳා ගැනීමට උත්සාහ දැරීම ඉතාමත් අගය කරමු. 

තවදුරටත් ඔබට  මගපෙන්වීමක්  අවශ්‍ය වන්නේ නම් මතු සඳහන් ආයතනයට කතාකොට ඔබ දෙදෙනාම පවුල් උපදේශනයකට යොමු වන්න.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

Sri Lanka Professional Psychological Counsellor's Association,

Sri Lanka Foundation, No 100, Nidahas Mawatha, Colombo 7.

Tel - 0773322348 / 0773322849

ප්‍රශ්න අසනු ලබයි 31 Dec 2018 Mon 8:15 AM