ප්‍රශ්න තොරතුරු

මට බඳින්න ඕන නෑ....ඒත් හැමෝම ඒක මගෙන් බලාපොරොත්තු වෙනවා... මේක මට මහ වදයක්..

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔයා සඳහන් කරලා තියෙන විදියට ඔයා කසාද බඳින්න කැමති නෑ, මම එහෙම කිව්වොත් නිවැරදිද ? එහෙම නැතිනම් හැමෝම ඔයාගෙ කසාදෙ ගැන විමසීම ගැන ඔයා අසතුටින්ද ? යන ගැටලු වලට ඔයා ට දෙන්න තියෙන පිළිතුර මොකක්ද?  

 ඔබගේ ජීවිතය ඔබට උවමනා විදියට ගත කිරීමේ අයිතිය ඔබ සතුය .එහිදී ඔබගේ ජීවිතය පිටස්තර අයට උවමනා විදියට හැඩගස්වාගැනීමට සැලසුම් කරන්නේ නම් ඊට සැහැල්ලුවෙන් පිළිතුරු දීම ඔබට කළහැකි හැකිය . ප්‍රධාන වන්නේ ඔබගේ තීරණය වුවද අන් අය ඔබට කසාද බඳින ලෙස කියා සිටින්නේ නම් ඔබට එහි ඇති වටිනාකම හා ඒ වෙනුවෙන් කළ හැකි කැපවීම තිබේදැයි විමසා බැලිය හැකිය.  එමෙන්ම යෝජනා කරන අය ඔබගේ කසාදයෙන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි ඔබට විමසිය හැකිය.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 31 Dec 2018 Mon 8:28 AM