ප්‍රශ්න තොරතුරු

දීර්ඝකාලීන කරන් පුරුද්දක් තියෙනවා දකුණු  අතේ මහපටහිල්ල උරනවා මම.පොඩ් කාලේ ඉදන් එන නිසා මට නවත්තගන්න බෑ.මට එයින් මිදෙන්න ක්‍රමයක් කියන්න.🙏😭 ඒ දෙය මට මානසික වදයක් මගේ පෞරුෂයටත් බලපානවා කියලා මට හිතෙනවා.ගොඩක් අය අහනවා ඇගිල්ලේ තියෙන ගැටේ මොකක්ද  කියලා මට කියන්න ලැජ්ජයි මන් එහෙම කරනවා කියලා.මොකද මම පොඩි ලමයෙක් නොවන නිසා දැන්.මට විසදුමක් ලබාදෙන්න මෙයට

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

වැඩිහිටියන් මහපට ඇඟිල්ල උරාබීමට පෙළඹෙන්නේ තම ජීවිතයේ අත් දකින කිසියම් මානසික ආතතියකට ස්වයංක්‍රීයව ඇති වන ප්‍රතිචාරයක් ලෙසයි. එමනිසා පළමුව ඔබ ඔබගේ ජීවිතයේ ගැටලු සහගත තැන් හඳුනාගෙන ඒවා නිවැරදි කරගැනීමට උත්සහ ගැනීම වඩාත් ඵලදායි වේ. එසේම පහත දේවල් අනුගමනය කිරීම මඟින්ද මෙම පුරුද්දෙන් අත්මිඳිය හැකිය.
* එම චර්යාව ඇති වන විටම එය හඳුනාගැනීම
* ශ්වසන අභ්‍යාස, භාවනාව, ව්‍යායාම වැනි ආතතිය දුරු කිරීමේ ක්‍රම අනුගමනය කිරීම
* මාපටැඟිල්ල රෙදිවලින් හෝ ප්ලාස්ටරයකින් හෝ ආවරණය කිරීම
* තිත්ත රසැති ද්‍රාවණයක් මහපටැගිල්ලේ ගැලවීම
* දෑත නිතරම කාර්ය බහුලව තබාගැනීම (උදා : ආතති බෝලයක් ළඟ තබාගැනීම)
* මාපටැඟිල්ල උරා බොන්නට ඇති ආශාව දැනෙන විට මින්ට් එකක් මුඛයට දමා ගැනීම
මේ දේවල් අනුගමනය කොට ඔබට මෙම පුරුද්දෙන් අත්මිදිය හැකිය. එසේ නොමැති නම් මනෝ ප්‍රතිකාර සඳහා යොමු වන්න.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 05 Jul 2021 Mon 10:38 PM