ප්‍රශ්න තොරතුරු

Docter...mata awurudu 2y masa 10ka puthek ha awurudu 1ka duwek innawa.mage mahaththaya awurudu 10k thisse rata.api marry karala awurudu 6y.eya godak sex peththata neburui...eya phone eken kellanta msg karala photo yawapu msg mata ahu una..e kellekma tharaha unata passe mata e photo ewala thibuna.me wage kipa wathawak mata 10 serayak withara eyage sambandatha ahu una.eya den hedila aya කවදාවත් waradak karanne ne kiyanawa.eth eyage yaluwek innawa mata meya gena wisthara kiyala udaw karana.eya mata call eran e denna katha wena ewa ahanna denawa.ethakota therenawa meya weradi karanne ne kiwwe phone eken witharay kiyala.eya ehe weda karana thena kellekwa set kaa ganna hadanawa.eya e kellage egata asay kiyanawa.spa walata yanawalu.eya mata kawadawath aya weradi karanne ne kiyala thiyenne phone eken ahu wena weradi karanne ne kiyala.eth eya eheta wela e asawal itu kara gannawa.ewa ara yaluwa mata kiyanawa.eyage voice ekenma ahannath denawa.mata merenna hithila thiyenne docter...please mata upades denna man monada karanna ona kiyala.

     

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබේ සැමියාගේ අනියම් සම්බන්ධතා කිහිපයක්ම ඔබට හසු වීමත්, ඔහු නැවත එවැනි වැරදි නොකරන බවට පොරොන්දු වුවද ඔහුගේ මිතුරෙකු විසින් ඔහු කතා කරන දේවල් ඔබට අසන්නට ලබාදීමත් නිසා ඔබ දැඩි දුකකට වේදනාවකට පත්ව සිටින බව පෙනෙනවා. නමුත් විවාහක කාන්තාවක් ලෙස ඔබ මීට වඩා සිතා බලා කටයුතු කිරීම ඉතා වැදගත් වේ. ඔබේ සැමියා ඔබට වරදක් නොකරන බවට පොරොන්දු වී සිටියදී ඔහුගේ මිතුරෙකු ඔබට ඔහුගේ වැරදි පැවසීමත්, ඔබට ඔහු කතා කරන දේවල් ඇසීමට ලබා දීමත් කරන්නේ කුමන අරමුණක් ඇතිවද යන්න සිතා බැලීම අවශ්‍යයෙන්ම සිදු කළ යුත්තකි. ඇතැම්විට ඔහුට ඔබ දෙදෙනාව වෙන් කිරීමට අවශ්‍යතාවයක් පවතිනවා හෝ ඔබට ඉතා සුක්ෂම ලෙස ලං වීමට ඔහු උත්සහ කරනවා විය හැකිය. සැමියාගේ වැරදි ඔබට පෙන්වා දීමේදී ඔබ ඔහුට ඔබගේ දුක ප්‍රකාශ කිරීමේදී ඔහුට ඔබට වඩාත් සමීප විය හැකි නිසා ඔහු මෙලෙස කරනවා වෙන්නට පුළුවන. අනෙක් වැදගත් කාරණාව වන්නේ විවාහ ජීවිතය පවත්වාගැනීමට බාහිර පුද්ගලයන්ගේ උදවු උපකාර ලබා ගැනීම මඟින් වංචාවන්ට හසු විය හැකි බව සිහි තබා ගැනීමයි. එම නිසා වඩා වැදගත් වන්නේ බාහිර පුද්ගලයන් පවසන දේ හෝ ඔහු ඔබට අසන්නට ලබා දුන් දේ නොව ඔබේ සැමියා විසින් ඔබට පවසන දේ ය. කාන්තාවන් මෙන් නොව පුරුෂයන් මිතුරන් හා එක්ව ඔවැනි දේ කතා කිරීම සුලබ දෙයකි. ඇතැම්විට යාලුවන්ගේ පෙළඹවීම මත එවැනි දෙයක් පවසන්නට වුව හැකියාව තිබේ. එමනිසා යම් කෙනෙකු කියූ පමණින් හෝ යම් දෙයක් ඇසූ පමණින් සැමියාව අවිශ්වාස කොට ඔබගේ ජීවිතය පිළිබඳව කලකිරීමක් ඇති කරගැනීම නොකළ යුත්තකි. ඔබට ඔබේ සැමියා පිළිබඳව පවසන මිතුරා සැමියාගේ සැබෑ මිතුරෙකු නම් ඔහුගේ වැරදි ඔබට පෙන්වමින් සිටින්නේ නැත. ඔහුගේ අපේක්ෂාව වෙනත් දෙයක් වන බව ඒ ඔස්සේ හොඳින්ම පැහැදිලි වේ. එම නිසා බාහිර පුද්ගලයන්ගේ කතා විශ්වාස කිරීමෙන් වැළකී හැකි සෑම අවස්ථාවකම සැමියා සමඟා හොඳ සන්නිවේදනයක් පවත්වාගෙන යන්න. ඔබ ඔහු පිළිබඳව සිතන බව ඔහුට දැනෙන්නට ඉඩ හරින්න. එමෙන්ම ඔබ අත්‍යවශ්‍යයෙන්ම කළ යුතු කාර්යයක් වන්නේ ඔබේ සැමියා පිළිබඳව ඔබට මෙවැනි දේ පවසන ඔහුගේ මිතුරා සමඟ කතා කිරීම නතර කිරීමයි. ඔහු ඔහුගේ මිතුරා පිළිබඳවම ඔබට මෙලෙස පවසන්නේ නම් ඔබ පිළිබඳව තවකෙකුට නරක දෙයක් පැවසීමට වුව පැකිලෙන්නේ නැත. එය කාන්තාවකගේ ප්‍රතිරූපයට බරපතල හානියක් විය හැකිය. එමනිසා ඔහුට ඔබ හා සම්බන්ධ විය හැකි සෑම ක්‍රමවේදයක්ම අවහිර කරන්න. දෙදෙනෙකු අතරට තෙවන පාර්ශවයක් සම්බන්ධ කරගැනීම යනු එම විවාහය බිඳ වැටීමේ පළමු පියවර වන බව අමතක නොකරන්න. මේ පිළිබඳව බුද්ධිමත්ව සිතා බලා කටයුතු කිරීම ඉතාම වැදගත් වේ.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 06 Jul 2021 Tue 4:53 AM