ප්‍රශ්න තොරතුරු

අනෙ අපෙ ol results එන්නේ na ne...එක හින්දා එපා වෙලා ඉන්නෙ .....විබගෙ ලියල 5ක් විතර වෙලා එත් results එන්නේ na .......eka post enw ada enwa heta enwa kiyl....eth enne na.....dn youtube eke kiynwa july aga hari august mula hari practical krl dawas 20kin ewnwa kiyl.....ethkota results enn thawa masa 2k wath yai.....mata epa wela inne මේකට mokd krnne

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වීමට ප්‍රමාද වීම සම්බන්ධයෙන් ඔබ පීඩනයට ලක් වී සිටින බව පෙනෙනවා. මුළු ලෝකය පුරාම ව්‍යාප්තව පවතින කෝවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සෑම කාර්යයක්ම පාහේ ප්‍රමාද වී සිදු වන බව දක්නට පුළුවන්. ඔබට ඒ පිළිබඳව දැඩි ආතතියක් දැනෙන්නේ ඔබ ඒ පිළිබඳවම සිතමින් සිටීම නිසා විය හැකිය. එමනිසා ඒ පිළිබඳවම සිතමින් සිටීමෙන් වැළකී වෙනත් කාර්යයක නිරත වීම මඟින් ඔබට මෙම පීඩනය අඩු කරගත හැකිය. එමෙන්ම සෑම දෙයකම සෘණාත්මක පැතිකඩ දැකීමෙන් වැළකී ධනාත්මක පැතිකඩ දැකීමට උත්සහ කරන්න. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වීමට ප්‍රමාද වීමද යහපත් අතට ගැනීම මෙම ආතතියෙන් මිඳීම ඔබට පහසු කරවයි. මේ දිනවල මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විවිධ පාඨමාලා හඳුන්වා දී ඇති බව පෙනේ. ඔබට එවැනි දෙයකට සම්බන්ධ වීමට හැකියාව තිබේ. එමඟින් ඔබට දැනුමක් ලබා ගැනීමට හැකියාව ලැබීමට අමතරව අනාගත රැකියා අවස්ථා සඳහා සුදුසුකම් සපුරා ගැනීමටද ඉඩ ප්‍රස්ථාව හිමි වේ. එම නිසා මෙම කාලසිමාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගන්න. අප ජිවිතයේ විවිධ අදියරයන් පසු කරනු ලබයි. වැඩිහිටියෙකු වූ පසු අතීතය ස්මරණය කොට බැලීමේදී පෙනෙන්නේ අප ඉතා නිදහසේ සිටි එකම කාලය ළමා කාලය පමණක් වන බවයි. සාමාන්‍ය පෙළ අවසන් වූ පසු උසස් පෙළ විභාගය සඳහා මහන්සි වීමට සිදු වීමත්, ඉන්පසු උසස් අධ්‍යාපනය වෙනුවෙන් මහන්සි වීමටත් සිදු වේ. ඉන් අනතුරුව මුළු ජිවිත කාලය මුළුල්ලේම වෘත්තීය ජීවිතය ගත කරමින් අවිවේකි ජිවිතයක් ගත කිරීමට සිදු වේ. එම නිසා ඔබට මේ ලැබී ඇති කාලය ප්‍රයෝජනයට ගන්න. ඔබගේ අනාගත සැලසුම් නිර්මාණය කරගැනීම සඳහා මෙම කාලය යොදවන්න. එමෙන්ම ඔබ කැමති විනෝදාංශයක් සඳහා කාලය වැය කරන්න. මේ දේවල් කිරීමේදී ඔබට සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පැමිණීමට ප්‍රමාද වීම සම්බන්ධයෙන් ආතතියක් දැනීම පාලනය වනු ඇත. එමෙන්ම සෑම දෙයක්ම සිදු වන්නේ හොඳටයි යනුවෙන් ආදර්ශ පාඨයක් සිත් හි තබා ගැනීමෙන් කුමනාකාරයේ අවස්ථාවකට වුවද ධනාත්මකව මුහුණ දීම සඳහා අවශ්‍ය ශක්තිය ගොඩ නඟා ගත හැකිය.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 07 Jul 2021 Wed 8:00 AM