ප්‍රශ්න තොරතුරු

mama kasada bedala duvekuth innava. mata tika davasaka idan genu lamayek mage siyaluma vistharath niveradiva denadenath mata adare karanava me verwddakda

       

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

මම හිතන්නේ ඔයා කියන විදියට ඔයා දුවෙක්ගේ තාත්ත කෙනෙක් එහෙමද ? ඔයාට ගෑනු ළමයෙක් ආදරේ කරනවා කියල නේද  කියන්නේ ?  එහෙම නැත්නම් ඔයා ඒ ගෑණු ළමයට ආදරේ කරනවද ?  මේ ප්‍රශ්න දෙකට ඔයා දෙන උත්තරේ අනුව ඔයාගේ සිතිවිල්ල වෙන් කරගන්න වෙනවා . එහිදී ඔයා අහන්නේ ඒක හරිද වැරදිද කියල නේද ? 

ඒ පිළිතුර ඔබට පීතෘත්වය ලබාදුන්  දියණියට කෙතරම් දුරට බලපාන්නේ ද ?  

  අප ගැන උනන්දුවන අය අපට ආදරේ යැයි අපිට සිතෙනවා. එහෙත් ඕනෑම දෙයක් තමා සතුකර ගැනීමට පෙර තිබෙන උනන්දුව එය ලබාගත් පසුව හීන වී යනවා.  වෙනත් අරමුණු අප තුළ හට ගන්නවා .බොහෝ පවුල් දික්කසාද වන්නේ මෙය නිවැරැදිව හඳුනා නොගැනීම නිසයි. එමනිසා තමාගේ භූමිකාව පැහැර හරිමින් නැවතත් අලුත් සම්බන්ධතාවයක් සොයා යන්නට බොහෝ මිනිසුන් පෙළඹෙනවා. 

එනිසා සම්බන්ධතාවයක් රම්භ කිරීමට ප්‍රථම හෝ අවම වශයෙන් දැනට තිබෙන සම්බන්ධතාවක් තවදුරටත් පවත්වා  ගෙන යෑම සම්බන්ධයෙන් එක වරක් නොව දස වරක් වත් සලකා බැලීම සුබදායකය,

එය පවත්වාගෙන යා යායුතු නම් ඒ කුමක් නිසාද ?  

අද දින වන විට මව්පියන් ඔවුන්ගේ සතුට සොයාගෙන යෑම නිසා දික්කසාද වෙනවා.එනිසා දරුවන් රැදවුම් නිවාස වල දුක් විඳින බව ඔබ දන්නවාද ?  මේවා ද සැලකිල්ලට ගනිමින් ඔබගේ  දියණියට, ආදරණීය පවුලට හා සමාජයට යහපත් තීරණයක් ගන්නා ලෙස අප ඔබට යෝජනා කරන්නේ මු. 

 මෙය උපකාරී වේ යැයි අප විශ්වාස කරන්නෙමු . 

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

 Sri Lanka Prof : Psychological Counselor's Association ,

Sri Lanka Foundation, No 100, Nidahas Mw, Colombo 7. Tel 0773322348 / 0773322849

ප්‍රශ්න අසනු ලබයි 10 Feb 2019 Sun 6:09 PM

අදහස්