ප්‍රශ්න තොරතුරු

mage periods regular na. ekko godak bleed wenawa. nattham hadennema na. mata dan wayasa awrudu 27k

     

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

මූලිකව මෙම ප්‍රශ්නයට පිළිතුරු සැපයිය හැක්කේ පහත කරුණු අධ්‍යයනය කිරීමෙන් පසුව ය .

1). මෙම රෝගී තත්ත්වය තත්වය ඔබට සෑදී  කුමන කාල පරාසයක් ගත වී ද ?

2). රුධිරය වහනය වීමත් සමඟ ඇතිවන අනෙකුත් ආබාධ මොනවාද උදාහරණයක් ලෙස බඩේ කැක්කුම් ආදිය 

3). දැනට ඔබ උපත් පාලන ක්‍රම භාවිතා කරන්නේ ද හා ඒ මොනවාද ?යන්න වග උදාහරණයක් ලෙස හෝමෝනමය පෙති හෝ උපකරණ (Loop) , ජඩෙල් 

4) ඔබට දරු පිළිසිඳ ගැනීමක් මීට පෙර සිදු වූවාද ,දරු උපත් ගණන කීය ද යන්න 

5)මීට අමතරව ඔබට රුධිරය වහනයවන්නේ  කුමන ස්වභාවයෙන් ද යන්න හා කොපමණ කාලයක් එක දිගට රුධිරය වහනය වේ ද 


යන තොරතුරු මත පිහිටා යම්කිසි සාධනීය පිළිතුරක් ලබා දිය  හැක .

එනමුදු ඔබේ රෝග ලක්ෂණ වලට අදාලව අක්‍රමවත් බව පහත රෝගී තත්ත්වයන් නිසා ද සිදු විය හැක .

1) loop වැනි උපත් පාලන ක්‍රම (IUD)

2) ඩිම්බ කෝෂවල ඇතිවන සමහර තත්ත්වයන් (PCOS- Polycystic ovary syndrome )- මෙය ලංකාවේ  මෙවැනි  කාන්තාවන් අතර දැකිය හැකි තරමක් සුලභ කාරණයකි 

3.) තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවන හෝමෝන සංකූලතා නිසා 

4) ලිංගික හෝමෝනවල ඇතිවන අ සංකූලතා නිසා 

5) උපත් පාලන ක්‍රම මාරු කිරීම හෝ වෙනත් ඖෂධ භාවිතා කිරීම භාවිත කිරීම නිසා ද සිදුවිය හැක 

6) අධික ව්‍යායාම හෝ මානසික ආතතිය වැනි කරුණු 

7) මීට බලපාන පොදු තත්වයක් විය හැක්කේ ගර්භාෂයේ ව්‍යුහාත්මක වෙනස්කම් ; උදාහරණයක් ලෙස ගර්භාෂයේ ඇති වන ගෙඩි ආදිය ( Fibroids or Polyps)

මූලිකවම මෙම රෝග ලක්ෂණ ඇති ඔබ කළ යුත්තේ මුූලික රුධිර පරීක්ෂණ හා අනෙකුත් ස්කෑන් පරීක්ෂණ ආදියටයොමු වීම සඳහා ලංගම රජයේ රෝහලේ නාරි හා ප්‍රසව වෛද්‍ය සායනයට යාමයි ..  මෙම සායන වලදී මෙවැනි තත්වයන් බහුලව ප්‍රතිකාර කරන අතර ප්‍රතිඵල ලැබීම ඉහළ මට්ටමක පවතී .

ප්‍රශ්න අසනු ලබයි 15 Mar 2019 Fri 2:48 PM