< !--WARNING : Respond.js doesn 't work if you view the page via file:// --> < !--[ if lt IE 9 ]>

ප්‍රශ්න තොරතුරු

mage periods muladi hariyata une ne. marry krata passe masa 2k periods hariyata una. dan periods parakkui masayak withra.pregnat test krath negative pennanne.man daruwek balaporoththuwen enne..mehema parakku wenna hethu tiyenwada?

           

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

වැඩිවියට පත්වූ පසු ස්ත්‍රියකගේ මාසික ඔසප් වීමේ ක්‍රියාවලිය ක්‍රමවත් හෝ අක්‍රමවත් විය හැකි අතර ඇතැම් කාන්තාවන් ගේ විවාහයට පෙර සහ පසු, ඔසප් ක්‍රියාවලියේ වෙනස් වීමක් දැකිය හැක. ඔබ පවසන ආකාරයට ඔසප් වීම මාසයක් ප්‍රමාද වී ඇති අතර, ගර්භනී තත්වයකට පත්වී නැති නිසා , පරක්කු වීමට හේතුව යන ඔබගේ ප්‍රශ්නයට පිළිතුරු දීම සඳහා තවත් තොරතුරු කීපයක්ම අවශ්‍ය වන බැවින් , සුදුසු වෛද්‍ය වරයෙකු සමග සාකච්චා කර පරීක්ෂණ වල නිරත වී ඉක්මන් ප්‍රතිකාර වලට යොමු වීම සුදුසුය. දරුවකු පිළිසිඳ ගැනීම අවම වීමට හේතු රාශියක් ඇති අතර , ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම ගැටළු බල පාන බව සොයා ගෙන ඇත.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 18 Mar 2019 Mon 2:05 PM