ප්‍රශ්න තොරතුරු

Kanthawakage rahas pradeshaya durganda wiimata hethu monawaada?

                         

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තූතියි,

කාන්තාවකගේ රහස් ප්‍රදේශය ලෙස හඳුන්වනු ලබන යෝනි මාර්ගය සහ ඒ අවට ප්‍රදේශය, ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ඇති ග්‍රන්ථි මගින් පිටවන තරල මගින් නිතර තෙත්ව තබා ගනු ලබයි. මෙය බොහෝ විට සාමාන්‍ය තත්වයකි. එසේම ලිංගික ක්‍රියාකාරකම් සිදු කරන හෝ ලිංගික සිතුවිලි අධිකව පවතින විට හෝ ස්වයං වින්දනයකදී තරල වැඩි වශයෙන් පිටවේ. තවද ගර්භණී සමයේදීත් තරල පිට වීම සිදු අතර, ඔසප් වීමේ කාල සීමාව තුළදීත් බහුලව දෙකිය හැක. උපත් පාලන ලූප භාවිත කරන හෝ වෙනත් උපකරණ භාවිත කරන විට අධික ලෙස තරල පිටවීම සිදුවේ. මෙහිදී සිදු වන්නේ, එම ප්‍රදේශය තුල සිටින ක්ෂුද්‍ර ජීවින් (Bacteria) මෙම තරල තුල අධික ලෙස වර්ධනය වීමය. ස්ත්‍රීයකගේ එසේ වර්ධනය වන ක්ෂුද්‍ර ජීවින් මගින් ආම්ලික කරවන තරලය දුර්ගන්දයක් ලෙස පැමිණිය හැක. ඉහත සඳහන් කල තොරතුරු වලට අමතරව යෝනිමාර්ගය, ගැබ් ගෙල, ගර්භාෂය ආශ්‍රිත අසාධානයකදී, එසේම අසාමාන්‍ය ලෙස එම ප්‍රදේශ වර්ධනය වීමකදී (ගෙඩියක, තුවාලයක්, සැරව ඇති විට) දුර්ගන්දය පැමිණිය හැකිය. තරුණ හෝ වැඩිහිටි කාන්තාවක් PID නමැති රෝගයෙන් පෙලෙන විට මෙසේ සිදුවිය හැක. විශේෂයෙන් වැඩිහිටි කාන්තාවකගේ යෝනිමාර්ගය, ගැබ් ගෙල, ගර්භාෂය ආශ්‍රිත පිලිකා වැනි තත්වයකදී වුවද දුර්ගන්දය සහිත අවස්ථාවක් පැවතිය හැකිය(පිටවන තරල දුර්ග්නද විය හැකිය). තවද එදිනෙදා එම ප්‍රදේශය පිරිසිදු කරන වාර ගණන, අඳින යට ඇඳුම් වල ස්වභාවය, භාවිත කරන සනීපාරක්ෂක තුවා වල ප්‍රමිතිය සහ එකක් පැළඳ සිටින කාලය අනුව එය වෙනස් විය හැකිය. මේ සම්බන්ධව වැඩි විස්තර ඔබගේ ළඟම ඇති රජයේ රෝහලේ ප්‍රසව හා නාරීවේදී ඒකකය මගින් පහසුවෙන් දැන ගත හැකිය. ඔබට, ඔබගේ පවුලේ කෙනෙකුට, නෑදයෙකුට හෝ අසල්වසියෙකුට අසාමාන්‍ය ලෙස මෙවන් ගැටළුවක් තිබේ නම් වෛද්‍යවරයෙකු මුණ ගැසී වැඩි විස්තර ලබා ගත හැක.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 19 Mar 2019 Tue 10:32 AM

අදහස්