< !--WARNING : Respond.js doesn 't work if you view the page via file:// --> < !--[ if lt IE 9 ]>

ප්‍රශ්න තොරතුරු

Doctor ,,bara adu kara ganna ආහාර ganna one komada,viyayama karnna one kohomada,,koi wge dewlda ahryta wedi pura gnna ona ?mata me gen  poddk පැහැදිලි karanna

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.


බර අඩු කර ගන්නේ කෙසේද යන්න බොහෝ දෙනෙක් අසන පොදු ප්‍රශ්නයකි. මෙන්න අපි ඔබට ප්‍රයෝජනවත්-ප්‍රායෝගික විය හැකි පිළිතුරු ලබා දෙන්නෙමු.

 බර අඩු කර ගැනීමට බොහෝ ක්‍රම තිබේ. නමුත් කරුණු දෙකක් ඉතා වැදගත් ය.
 1. දිනපතා ව්‍යායාම කරන්න
 2. නිසි ආහාර පාලනය

ඉහත සඳහන් කළ ක්‍රම දෙක එකතු කිරීම ඔබේ සිරුරේ බර අඩු කර ගැනීමට ඇති සාර්‍ථක ක්‍රමයයි. එක් ක්‍රමයක් පමණක් භාවිතා කිරීමෙන් අපේක්‍ෂිත ප්‍රතිඵල ලබා ගත නොහැක. ඔබේ සිරුරේ බර මාස ගණනක් හෝ අවුරුදු ගණනක් වැඩි වී ක්‍රමයෙන් අඩු වීමට අවම වශයෙන් මාස කිහිපයක්වත් ගත වන බව මතක තබා ගන්න. එබැවින් ඔබේ ප්‍රතිඵල දැකීමට ඔබ ඉවසිලිවන්ත විය යුතුයි. නමුත් බොහෝ අය ව්‍යායාම කිරීම සහ ආහාර පාලනය කිරීම ආරම්භ කර දින කිහිපයකට / සති කිහිපයකට පසු මැද අතහැර යන්නේ එම කෙටි කාලය තුළ වැඩි දියුණුවක් නොදකින බැවිනි. එබැවින් ඉවසීම සහ දිනපතා උත්සාහ කිරීම වැදගත් ය.


මෙන්න ආහාර උපදෙස් කිහිපයක්:

1. ඔබේ ආහාර වේල දිනකට 3 වරක් සිට 6 දක්වා බිඳ දමන්න. එය වේගවත් පරිවෘත්තීය ක්‍රියාවලියට උපකාරී වන අතර වැඩිපුර ආහාර ගැනීමෙන් ඔබව වළක්වයි. 

2. නියමිත වේලාවට ආහාර ගැනීම අතපසු නොකරන්න. 

3. දැඩි පාලනයකින් ඔබේ ප්‍රියතම ආහාර ගැනීම නවත්වන්න එපා. ඔබට එය පාලනය කළ හැකි ආකාරයෙන් ලබා ගත හැකිය. 

4. එළවළු සහ කොළ වැඩිපුර ආහාරයට ගැනීම 

5. දිනකට අවම වශයෙන් ජලය ලීටර් 1.5 ක් වත් පානය කිරීම.

6. තෙල් සහිත ආහාර සහ අධික සීනි ප්‍රමාණයක් සහිත ආහාර ගැනීම අඩු කරන්න.


බර අඩු කර ගැනීම සඳහා ව්‍යායාම වර්ග බොහොමයක් තිබේ. සෑම උදෑසනකම හෝ සන්ධ්‍යාවේ වේගයෙන් දිවීම හෝ වේගයෙන් ඇවිදීම පුරුෂයින්ට මෙන්ම කාන්තාවන්ටද ප්‍රයෝජනවත් වේ. ඔබට නිවැරදි හා සුව පහසු ව්‍යායාම ක්‍රමයක් තෝරා ගන්න. ඔබට අමාරු ව්‍යායාමයක් සඳහා ඔබව බලෙන් පටවන්න එපා. බර අඩු කර ගැනීම සඳහා ඔබට යෝගා කිරීමටද උත්සාහ කළ හැකිය.

තරබාරු වීම කිසිසේත් නරක දෙයක් නොවන බව මතක තබා ගන්න. සමහර විට අපි තරබාරු වන්නේ අධික ලෙස ආහාර ගැනීමෙන් පමණක් නොව අපේ ශරීරයේ ජාන / හෝමෝන නිසා ය. නමුත් ඔබට තවමත් බර අඩු කර ගත හැකි බැවින් බලාපොරොත්තු සුන් නොකරන්න. දිගටම උත්සහ කරන්න.


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 26 Sep 2021 Sun 11:29 PM