ප්‍රශ්න තොරතුරු

Mata loku oluwe kakkumak tinawa...eka nalala ashritha ridimak pamanak nowe...mulu oluwama ridenawa..oluwa pitupasa pawa..oluwa godak barai...nitarama a oluwa kakkuma tinawa...wadagathma de wenne mata danenawa man mulu oluwama ekata ekathu karan thada karan innawa wage...nalala tika welawak rali karan iddi oluwa kakkumak enawane..a wage man mulu oluwama thada karan innawa kiyala mata terenawa..a nisa tamai godak durata a oluwa kakkuma enne...eth a thada karan inne man uwamanawen newe..nodanuwathwana...mata eka matak wela oluwa tikak relax karaddi oluwata sahalluwak danenawa..eth a relax gathiya mata godak wela tiyaganna ba..ayeth man nodanuwathwama oluwa thada kara gnnawa...oluwa witarak newe bella pite mada hariyak wenakm wage samahara welawata me thathweta lak wenawa...mata athi rogi thathwaya kumakda?ma kumak kala yuthuda meyata?

           

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබ මේ වන විට හිසරදය සහ බෙල්ල,කොන්ද ආශ්‍රිතව වේදනා වෙන් පෙලෙන අතර, මෙය එකම රෝගයක් නිසා පෙන්නුම් ලක්ෂණ හෝ රෝග කිහිපයක එකතුවක් නිසා සිදුවූවක් විය හැක. ප්‍රධාන වශයෙන් ඔබට ඇත්තේ අධික හිසරදයි. ඔබගේ වයස, ඔබගේ රැකියාව, ඔබ කිසියම් රෝගයකට(උදාහරණයක් ලෙස අධි රුධිර පීඩනය) ප්‍රතිකාර ගන්නවාද යන්න, හිසරදයට හේතුව සොයන විට අත්‍යවශ්‍ය කරුණු වන අතර එමගින් රෝග නිර්ණය පහසු වේ. ඉරුවාරදය වැනි රෝගී තත්ත්ව, හිසට සිදු වූ අනතුරුක්, හිස් කබල හෝ එයට ඇතුලත වෙනස් වීමක්, ස්නායු/රුධිර නහර වල සිදුවන වෙනස් වීමක්, අදික තෙහෙට්ටුව/ අවිවේකි බව, මනස සම්බන්ධ ගැටලු මෙසේ ඔබට හිසරදය ඇති වීමට හේතුව විය හැක. මෙවන් හිසරදයක් ඇතිවීමට තවත් ප්‍රධාන හේතුවක් වන්නේ පෙනීම ආශ්‍රිත ගැටළු වන අතර, ඔබ දුර හෝ ළඟ පෙනීමේ දුර්වලතාවකින් පෙළෙන්නේ නම් හෝ ඔබ එවන් අපුහසු තාවයකින් පෙළෙන්නේ නම්, අක්ෂි රෝග විශේෂඥ වරයෙකු වෙත යොමු වීම අත්‍යවශ්‍ය වේ. තවද වැඩි වෙලාවක් TV හෝ පරිඝනකය බාවිතා කරන්නේ නම් ඒ සඳහා පිළියම් සෙවිය යුතුය. බෙල්ල සහ කොන්ද ආශ්‍රිත වේදනාව අස්ථි, මස්පිඩු හෝ ස්නායු සම්බන්ධ ගැටළුක් නිසා සිදු වූවක් විය හැක. එසේම ශරීර අභ්‍යන්තරයේ ඇති රෝගී තත්වයක් නිසා සිදු වුවක් විය හැක. මාගේ නිර්දේශයට අනුව ඔබ, ඔබගේ පවුලේ වෛද්‍යවරයා හෝ කායික රෝග විශේෂඥ වරයෙකු වෙත යොමු වී මෙම ගැටළු සියල්ල ඉදිරිපත් කලයුතුය. එහිදී ඔබගේ රෝග ලක්ෂණ වලට අදාලසියලු තොරතුරු වෛද්‍යවරයා විසින් ලබා ගනු ඇත. ඔබව පරික්ෂා කිරීමෙන් පසු අවශ්‍ය වුවහොත් පරීක්ෂණ වලට යොමු කොට, රෝග නිර්නයෙන් පසු ඔබට ප්‍රතිකාර කරනු ඇත.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 01 May 2019 Wed 8:50 PM