ප්‍රශ්න තොරතුරු

(පැනික් ඩිස්කෝඩර් ) සුවවෙන්න කොච්චර කාලයක් යනවද?ඇයි එම ලෙඩේට වයිදවරය අඩු ml (ex-:0.5 ml) වගේ අඩු ප්‍රමානවලින් බෙහෙත් නියම කරන්නෙ???

       

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබ එම රෝගී තත්වයෙන් පෙලෙන නිසා එම රෝගී තත්වය ගැන තරමක දැනුමක් හෝ ඇති බව සිතමින් ඔබට පිළිතුරු දෙමි. යම් කෙනෙකුගේ වයස, ස්ත්‍රී පුරුෂ බාවය, රැකියාව, පවුල් පසුබිම, රෝගී ඉතිහාසය, ප්‍රතිකාර වල ස්වභාවය අනුව රෝගී තත්වය පාලනය වීම හෝ නැවත රෝගී ලක්ෂණ මතුවීම වෙනස් වීම සිදුවිය හැක. ඉහත සඳහන් කරුණු වලට අමතරව තවත් හේතු බොහෝ ගණනක් රෝගය ලක්ෂණ හට ගැනීමට හෝ රෝගී ලක්ෂණ වැඩි වීමට හේතු විය හැක. ඔබට විශේෂයෙන්ම සඳහන් කලයුතු කරුණ වන්නේ, රෝගී තත්වය සුව කිරීමට තරමක් අපහසු නමුත් ඉතාමත් හොඳින් පාලනය කරගනිමින් ඉතා සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට හැකි අතර, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ක්‍රම මෙරට තුල ඇත. මෙම තත්වය පාලනයට ප්‍රධාන ලෙස මනෝ චිකිත්සාව (Psychotherapy) උපයෝගී කර ගන්න අතර ඔබ ඔබගේ මානසික රෝග සායනය හරහා එම ප්‍රතිකාරයට යොමු වී ඇතැයි මා සිතන්නෙමි. Coping Skills (අවස්ථා හැසිරවීමේ හැකියාවන්) වැඩි දියුණු කිරීම මගින් ඉතා ඉහල ප්‍රතිපල ලබා ගත හැක. බෙහෙත් වර්ග ලබා ගැනීම මෙම ප්‍රතිකාර වලට සමගාමිව ආරම්භ කිරීම සිදු කල හැකි අතර, එමගින් රෝග ලක්ෂණ පාලනය සහ මෙම රෝගය නිසා හට ගත හැකි විෂාදය (Depression) වැනි අනෙකුත් රෝග වලට ප්‍රතිකාර කිරීම සිදු කරයි. බෙහෙත් වර්ග විවිධය, ඒවගේ ප්‍රමාණ වෙනස් වන අතර රෝගියාගෙන් රෝගියාට, වයස අනුව රෝග ලක්ෂණ අනුව ප්‍රමාණ වෙනස් විය හැක. ඇතැම් අවස්ථාවල අඩු ප්‍රමාණයකින් ආරම්භ කර රෝග ලක්ෂණ වෙනස් වන ආකාරය අනුව වෙනස් කිරීම සිදු කරනු ඇත අවශ්‍ය වුවහොත් බෙහෙත් වර්ගය වෙනස් කීරීම් සිදු කල හැක. එය ඔබගේ සයනයේ වෛද්‍යවරයා විසින් සිදු කරනු ඇත.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 11 May 2019 Sat 8:24 AM

අදහස්