< !--WARNING : Respond.js doesn 't work if you view the page via file:// --> < !--[ if lt IE 9 ]>

ප්‍රශ්න තොරතුරු

yoni margaya lihil bawak danenne ai. ekathu vimedi lihil bawak danena bawa husband kiyanawa. mn babala dennek inna 24 hawaridi mawak. eka adu karaganne kohomada

         

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබ යොමු කර ඇති ගැටලුව සම්බන්ධව පිළිතුරු සැපයීමට මා හට කරුණු කිහිපයක් දැන ගැනීම අත්‍යාවශ්‍යය වන අතර එය සාර්ථක පිළිතුරක් ඔබ වෙත ලබා දීමට අවශ්‍ය වේ. ඒවා නම්ඔබ විවාහ වූ කාලයේ මෙවන් ගැටළුවක් තිබුනේද? මෙම ගැටලුව පැන නැගී කොපමණ කාලයක්ද? ඔබ දරු ප්‍රසුති දෙකම යෝනි මාර්ගය එනම් Vaginal delivery ලෙසද? ප්‍රසුතිය පහසු කිරීම සඳහා යොදන කැපුම එනම් Episiotomy එකක් දැමුවාද නැත්ද? ආදී කරුණු අවශ්‍ය වේ. කාන්තාවක් වයස් ගත වන විට හෝමෝන බලපෑම මත එම ප්‍රදේශය අවට ඇති මාංශ පේශි ලිහිල් වීමක් සිදු විය හැක. නමුත් ඔබ තවමත් 24 වියැති නිසා එසේ සිදු වීම ඔබට ඇති ගැටලුව විය නොහැක. දෙදරු මවක් වන ඔබ මා දරු ප්‍රසුතිය නිසා හෝ එහිදී යොදන ලද කැපුම සහ එයට මැහුම් යොදන අවස්ථාවේදී ලිහිල් මැස්මක් නිසා වුවද සිදුවුවා විය හැක. මිට අමතරව තවත් හේතු රාශියක් පවතින අතර ඔබ සහ සැමියා මේ පිලිබඳ අවදානය යොමු කරන බැවින් ඔබගේ පවුලේ වෛද්‍යවරයා හෝ වරිය මුණ ගැසී දීර්ග සාකච්චාවක් කිරීම මගින් ඔබට විසඳුමක් ලබා ගත හැක. බොහෝ විට මෙයට ප්‍රතිකාර අවශ්‍ය නොවන අතර, සුළු ශල්‍ය කර්මයක් මගින් යෝනි විවරයේ ප්‍රමාණය වෙනස් කිරීම දක්වා වන ප්‍රතිකාර ක්‍රම ඇත. ඒ සඳහා ඔබ ප්‍රසව සහ නාරී ක්ෂේත්‍රයට සම්බන්ධ වෛද්‍යවරයෙකු මුණ ගැසීම සුදුසුවේ.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 12 May 2019 Sun 11:03 AM