ප්‍රශ්න තොරතුරු

(පැනික් ඩිස්කෝඩර්) හැදුනම ඇයි පපුවට මහන්සියක් වගේ තියෙන්නෙ? දැනට මම මාසයක් බෙහෙත් බිවුව පොඩ්ඩක් මහන්සි අඩුවුනා මම මුකුත් දැඩක් කරන්නෙත් නෑ free එකේ යින්නව ඒවුනාට පපුවට මහන්සියක් තියනව ඇයි ඒ එහෙම වෙන්නෙ?ඒක හැදුනම පපුව තදවෙනවනම් ඇයි අපි මානසික ඩොක්ට කෙනෙකුට පෙන්නන්නෙ?මේක ස්නායු සම්බන්ද ලෙඩක්ද?(ඔය පශ්න ටිකට පිලිතුරු ඕනි)

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

(පැනික් ඩිස්කෝඩර්) හැදුනම ඇයි පපුවට මහන්සියක් වගේ තියෙන්නෙ? දැනට මම මාසයක් බෙහෙත් බිවුව පොඩ්ඩක් මහන්සි අඩුවුනා මම මුකුත් දැඩක් කරන්නෙත් නෑ free එකේ යින්නව ඒවුනාට පපුවට මහන්සියක් තියනව ඇයි ඒ එහෙම වෙන්නෙ? 
හදිසියේ, එනම් තත්පර කිහිපයක සිට විනාඩි කිහිපයක් තුල ඇතිවන, අනපේක්ෂිත කම්පන තත්වයක් හෝ කණස්සල්ලක් ඇති වීමෙන් බිහිසුණු හැඟීම් ඇතිවෙමින් පුද්ගලයෙකුට පැමිණෙන පපුවේ ගැස්මක් හෝ වේදනාවක්, හුස්ම ගැනීමේ අපහසුතාවයක් හෝ හුස්ම හිරවීමක්, දහදිය දැමීමක්, වෙව්ලීමක්, හිරි වැටීමක් වැනි අපහසුතා ඔබගේ රෝගී තත්වයේ ලක්ෂණ වන අතර, රෝගය හඳුනා ගත් පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට, ඇතිවන රෝගී ලක්ෂණ වෙනස් වේ. මනෝ චිකිත්සාව රෝගයට ප්‍රතිකාර ලෙස උපයෝගී කර ගන්නා අතර, ඖෂධ ලබා දීමද සිදු කරනු ලබයි. රෝග ලක්ෂණ අවම වීම, එනම් රෝග පාලනය වීම, ඖෂධ වර්ගය, සහ එම ඖෂධ භාවිත කරන කාලය මත තීරණය වී. ඔබ දැනට මාසයක් ප්‍රතිකාර ලබාගෙන ඇත. එය අගය කරන අතර, ඔබ නැවත ඔබගේ වෛද්‍යවරයා මුණ ගැසීම හෝ සයනය වෙත යාම සිදු කලයුතු අතර එහිදී ඔබගේ ප්‍රතිකාර(බෙහෙත් වර්ගය හෝ ප්‍රාමාණය) වෙනස් කිරීම හෝ බෙහෙත් ලබා ගත යුතු කාලය දීර්ඝ කරනු ඇත. සමහර අවස්ථාවල මාස හයක් පමණ ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වීමට පුළුවන. එනම් ඉතා හොඳින් පාලන කිරීමට බෙහෙත් ලබා ගත යුතු කාලය වැඩි වේ. ඔබ හෝමෝන සම්බන්ධ රෝගයකින් හෝ හදවත් රෝගයකින් පෙලෙන්නේද යන්න මෙහිදී වැදගත් වන අතර, පැනික් ඩිස්කෝඩර් සහ පැනික් අටැක් තත්ත්ව වලදී හට ගන්නා ලක්ෂණ හෝමෝන සහ හදවත් රෝගයකින් පෙලෙන කෙනෙකුගේ රෝග ලක්ෂණ වලට සමාන විය හැක. ඔබ මේ කාලයේදී වෙනත් රෝගයකට ප්‍රතිකාර ලබා ගන්නේ නම් ඒ සම්බන්ධව වෛද්‍ය වරයා සමග සාකච්චා කිරීම සුදුසු වන අතර එම ප්‍රතිකාර නිසා ඔබගේ රෝග ලක්ෂණ වලට ඇති බලපෑම හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වේ.

අපි මානසික ඩොක්ට කෙනෙකුට පෙන්නන්නෙ?මේක ස්නායු සම්බන්ද ලෙඩක්ද?

අනපේක්ෂිත ලෙස ඇතිවන මෙය ක්‍රියාවලිය මානසික ආතතිය සහිත පුද්ගලයන් තුල වැඩි වශයෙන් ඇති නිසාත්, මානසික රෝග සම්බන්ධ වෛද්‍ය වරයෙකුගේ දැනුම උපයෝගී කරගනිමින් ඉතා හොඳින් ප්‍රතිකාර කල හැකි නිසාත්, එමගින් වඩාත් සාර්ථක ප්‍රතිපල ලබා ගෙන රෝගී තත්වය පාලනය කර ගත හැකි නිසාත්, ස්නායු වෛද්‍ය වරයෙකු වෙත යොමු වීමට වඩා සුදුසු වන්නේ මානසික රෝග සම්බන්ධ වෛද්‍ය වරයෙකුගේ යටතේ ප්‍රතිකාර ගැනීමයි.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 14 May 2019 Tue 9:40 AM