< !--WARNING : Respond.js doesn 't work if you view the page via file:// --> < !--[ if lt IE 9 ]>

ප්‍රශ්න තොරතුරු

සාමාජශිලී වෙන්නෙ කොහොමද

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබ දක්වා ඇත්තේ, සමාජශීලී වන්නේ කෙසේද යන්න ඔබට දැනගැනීමට අවශ්‍ය තුළ ඇති බවයි.

සමාජයේ ජීවත් වන පුද්ගල කණ්ඩායමක් ඉතා ඉක්මනින් සමාජශීලී වන අතර ඉතා ඉක්මනින් පුද්ගල සම්බන්ධතා ගොඩනඟාගනියි. අනිත් පුද්ගලයන් සමාජශීලී වීමට දැඩි කැමැත්තක්නො දක්වන අතර ඔවුන් අන්තර් පුද්ගල සම්බන්ධතා ගොඩනගා ගැනීමට එතරම් කැමැත්තක් දක්වන්නෙ නැත.සමාජශීලී වීම අන්තර් පුද්ගල සම්බන්ධතා ගොඩ නගා ගනිමින් එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.

ඔබට සමාජශීලී වීමට අවශ්‍ය නම් මෙහිදී ඔබට කළ හැකි පළමු පියවර වන්නේ ඔබට සිටින මිතුරන් සම්බන්ධ හොඳ මිත්‍ර සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීමය. ඉන් පසුව ඔබට ඔබට එම විශ්වාසය මත සහ එම බැඳීම මත සිට තවත් මිතුරු සම්බන්ධතා ගොඩනඟා ගැනීම සහ හිතවත් සම්බන්ධතා ආරම්භ කල හැක. 

මෙහිදී ඔබ අවධානය දිය යුතු කරුණක් තිබේ. එනම් මිත්‍ර සම්බන්ධතා ගොඩනගා ගැනීමේදී, හිතවත්කම ගොඩනගා ගැනීමේදී, සමාජශීලී වීමේ දී ප්‍රථමයෙන් ඔබ ඔබගේ සීමාවන් හඳුනා ගත යුතුයි. එසේ නොමැති නම් ඔබ සමාජශීලී වීම තුළින් ඔබට තව තවත් ගැටළු ඇති වීමේ අවස්ථාවන් ඇති වේ. 

සිමාවන් යනුවෙන් හඳුන්වන්නේ පුද්ගලයකු ලෙස ඔබ ඔබටම නිර්මාණය කරගන්නා ලබන ආචාර ධර්ම පද්ධතියක් වේ. උදාහරණයක් ලෙස - ( ඔබගේ අතිශය පෞද්ගලික කරුණු කාරණා සියලුම හිතවතුන් මිතුරන් සමග බෙදා නොගැනීම, එසේම පුද්ගලයකු ලෙස ඔබ තුළ යම් දුර්වලතා පවතිනවනම් එම දුර්වලතා පිළිබඳව සෑම පුද්ගලයෙකුටම දැන ගැනීමට ඉඩකඩ නොතිබීම) මෙවැනි සීමාවන් නිර්මාණය කර ගැනීම තුළින් ඔබ සමාජශීලී වීම ඔබට පෙරළා ගැටළු ඇතිකිරීමට හේතු නොවනු ඇත.

තවත් වැදගත් කරුණක් නම්, ඔබ ඔබ පිළිබඳව ඉතා හොඳ ආත්ම අභිමානයකින් සිටීමයි. එනම් ඔබ ඔබගේ හැකියාවන් සහ දක්ෂතා පිළිබඳව විශ්වාස කිරීම සහ ඔබට ඔබ පිළිබඳව ඇති විශ්වාසය වඩා වැදගත් වනවා. එසේ නොමැති නම් සමාජශීලීයි වන විට ඔබ ඔබගේ පෞරුෂය අන් අය සමඟ සංසන්දනය කිරීමට පෙලඹෙනවා එමගින් ඔබට මානසික පීඩාකාරී තත්වයන් ඇතිවිය හැක. එම නිසා ඔබ ලබාගෙන ඇති ජයග්‍රහණ හෝ ඔබ තුළ ඇති කුසලතා ඔබ පිළිබඳව තවත් කෙනෙකු පිළිබඳ සමඟ සංසන්දනය කිරීම නොකළ යුතුය. 

බොහෝ අවස්ථාවල අපි සමාජශීලී වී සිටීමේදී සමාජයේ සිටින පුද්ගලයින් නිසා අප බොහෝ පීඩාකාරී තත්වයන්ට පත්වනවා. එම නිසා ඔබ වඩාත් තේරුම් ගත යුතු කරුණ වන්නේ ඔබට සමාජය තුළ පාලනය කළ හැකි සහ පාලනය කල නොහැකි සාධක පවතින බවය. එසේ පාලනය කළ නොහැකි සාධක වෙනූවෙන් කෝප වීම හෝ කනගාටු වෙමු කිසිසේත්ම ප්‍රයෝජනයක් නැති දෙයක් ලෙස අවබෝධ කරගත යුතු වේ. 

එසේම ඔබ සෑම පුද්ගලයෙකුටම සහකම්පනය දැක්වීම සහ ක්‍රියාකාරීව සවන් දීම වැදගතය. එනම් ඔබ හොඳ සවන් දී දෙන්නෙකු විය යුතුය. එවිට ඔබට වඩා හොඳ හිතකර අන්තර්පුද්ගල සම්බන්ධතා ගොඩනගාගැනීමට හැකියාවක් තිබේ. 

එසේම ඔබ සෑම විටම ඔබට සහ අන් අයට හානිදායක වන දේවල් කිරීමෙන් වැලකී සිටින්න. ඒ වගේම තමයි ඔබට කිරිමට අපහසු දෙයක් සමාජයේ යම් කෙනෙකු ඔබෙන් බලාපොරොත්තු නොහැකි බව ඔවුන්ට ප්‍රකාශ කරන්න. 

මීට අමතරව සමාජශීලී වීමට සහ හොඳ අන්තර් පුද්ගල සම්බන්ධතා ගොඩනගා ගැනීමට කළ හැකි දේවල් බොහෝමයක් තිබුණු නමුත් මූලික දේවල් මේවාය. මේවා අනුගමනය කිරීම මගින් ඔබට සමාජශීලී පුද්ගලයෙක් සහ ඉතා හිතකර අන්තර් පුද්ගල සම්බන්ධතා ගොඩනගා ගැනීමේ හැකියාවක් තිබේ.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 18 Oct 2021 Mon 1:37 PM