ප්‍රශ්න තොරතුරු

man bedala den awurudu 4 wenawa mata awurudu 2 duwek innawa. mage husbend methakadi idan kudu pavichchi karanawa. mokadda mn kqranne kiyala therenne ne

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබ කියන්නේ ඔබ කසාද බැඳලා අවුරුදු 4ක. පමණ කාලයක් හොඳින් ගත කර ඇති බවයි . එහෙත් මෑතක සිට,  ඔබගේ ස්වාමිපුරුෂයා කුඩු පාවිච්චියට  යොමුවී ඇතැයි හැඟෙන බවයි . ය ඔබට පීඩාකාරීය .ඔබ ඔබගේ ස්වාමි පුරුෂයා ඉන් මුදවා ගැනීමට  ගත හැකි ක්‍රියාමාර්ගයක් සොයා බලන බව  ඔබගේ ගැටලුව තුළින් වැටහෙනවා .

 ඒ වගේම මෙහිදී ඇත්ත වශයෙන්ම මෙම ඇබ්බැහි විමෙන් මිදිම අවශ්‍යතාවයක් ඔබගේ ස්වාමි පුරුෂයාට තිබෙනවාදැයි  දැනගත යුතුය . ඔබ සඳහන් කර ඇති ආකාරයට ඔහු   මෙවැනි පාවිච්චි සදහා මෑතක පටන්යොමු වී ඇති බැවින්, තවමත් ඇබ්බැහිවීමක් දක්වා බැරෑරුම් වීමට කාලයක් නොමැති විය හැකිය. 

එහෙත්  යම් කාල සීමාවකට එම භාවිතය හා බැඳී ඇති පරිසරය වෙනස්වීම  අත්‍යවශ්‍යය.  වඩාත් වැදගත් වන්නේ   මත්ද්‍රව්‍ය පාවිච්චිය සම්බන්ධයෙන් වන උපදේශනයකට යොමු වීමයි . එහිදී   ප්‍රතිකාර ලබා සුවපත් වීම වේගවත් වීම පිණිස ඔහුගේ කැමැත්ත තිබීම  වැදගත් වන්නේය. එසේ ඔහු ඔහුගේම උවමනාවෙන් ඒ සඳහා යොමු වන්නේ නම් ්‍රතිඵලය වඩාත් සැනසිලි දායක හා වේගවත්ව සිදු වන්නේය

 කෙසේ වෙතත් පළමුව ඔබ උපදේශනය සඳහා යොමුවන්න . එහිදී ඔබට කළ හැකි කාර්යයන් පිළිබඳව ඔබව දැනුවත් වනු ඇති .මේ සඳහා  ඔබට සම්බන්ධ විය හැකියි ස්ථාන කීපයක දුරකථන අංක පහත සඳහන් කර ඇත. 

අන්තරාය ඖෂධ පාලක මණ්ඩලය- 1984

Addict  - 0112584416    Sumitraoyo - 0112696666

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 31 May 2019 Fri 8:52 AM