ප්‍රශ්න තොරතුරු

mata mahath wenna deyak kiyannkoo

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ස්ත්‍රී පුරුෂ භාවය, වයස, ජානමය බලපෑම්, හෝමෝන බලපෑම්, අහර රටාව, සංයුතිය සහ පෝෂක ප්‍රමාණය, ව්‍යායාම් සහ එදිනෙදා ක්‍රියාකාරකම ආදී නොයෙකුත් හේතු අනුව කෙනෙකුගේ බර හෝ මහත් වීම තීරණය වේ. ඉහත සඳහන් කල සමහර දේවල් අනුගමනය කිරීම මගින් බර වැඩි කර ගත හැක. පෝෂ්‍යදායි අහාර රටාවක් අත්‍යවශ්‍ය වන අතර අවශ්‍ය වුවහොත්, පෝෂණ වේදී කෙනෙකු මුණ ගැසිය හැක. ඇතැම් පුද්ගලයින් ආදේශක අහර වර්ග සහ විටමින බාවිතය කර අවස්ථා සුලබව දැකිය හැක. නිසි ලෙස ව්‍යායාම කිරීම මගින් ද විසඳුමක් වෙත ළඟාවිය හැක. ඔබ වෛද්‍යවරයෙකු හමුවී, මෙය පිලිබඳ සාකච්චා කිරීම වඩාත් සුදුසු වන අතර එහිදී ඔබව පරික්ෂාකර අවශ්‍ය නම් අදාල ප්‍රතිකාර කරනු ඇත.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 31 May 2019 Fri 8:22 PM