ප්‍රශ්න තොරතුරු

Mage potos dala emo live yanawa boy kenek narak wedehata..mam godakk aulen enne ..epa kiwata ahan na.eke mage poto eka dam naraka ewa karanawa.mata dam epa wela enne.plz wesadumak denna.ammata kiyanna ba amma sarai

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔයා මේ ගැන අවුලෙන් ඉන්නවා කියල තේරෙනවා. ඒත් ඔයා අවුලෙන් ඉන්නවා කියලා   දැනගැනීමෙන් ඒ වැඩේ කරන එක්කෙනා බොහෝ සතුටු වෙන බව ඔයා දන්නවද?   ඔහුගේ බලාපොරොත්තුව ඔබව අවුල් කිරීම තමයි .. ඔයා මේක ඒ තරම් ගනන් ගන්නෙ නෑ වගේ උපහාසාත්මකව ඉන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.  ඒ වගේම මෙහෙම හැංගිලා වැඩ කරන්නේ කිසි දෙයක් කරගන්න බැරි මිනිස්සු. ඒ  Boy ගොඩක් දුර්වල කෙනෙක් . නමුත් ඔබ ඒ වගේ දුර්වල කෙනෙක් නෙවෙයිනෙ . ඒක නිසා දුබල  වැඩ  වලට ඔබ කලබල විය යුතු නැහැ.  ශක්තිමත්ව වෙනදාටත් වඩා සතුටින් ඉන්න.  119 හදිසි පොලිස් අංශයට කතා කරල cyber attack අංශයට දැනුම් දෙන්න .  එසේ නැතහොත්  1333  අංකයට ඔබගේ දුරකථනයෙන් නොමිලේකතා කළ හැකිය.. මෙම සේවාව පැය 24 දීම  ඔබ වෙනුවෙන් විවෘතය .  

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 01 Jun 2019 Sat 11:33 PM