ප්‍රශ්න තොරතුරු

my bf always getting drinks.he dont have time to talk with me also.before he is not like that.this is a big headache for me.what must i do

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

 ඔබගේ boyfriend බීමට ඇබ්බැහි වෙලා තිබීම ගැන ඔබට ගැටළුවක් තිබෙනවා.

 ඒක නවත්තගන්න ඔයා මොන වගේ උත්සාහයක් අරන් තියනවද ? ඒ ගත්ත උත්සාහය ැවත නැවතත් ඒ ආකාරයෙන්ම ඔබ ක්‍රියාත්මක කරනවද කියලා සිතා බලන්න.  කම උත්සාහය ප්‍රතිඵලයක් නොදැක නැවත නැවතත් කිරීම අනුවණකමක් නේද ?

 දැන් ඔබගේ උත්සාහය වෙනස් කරලා බලන්න. ඒ වගේම තවම ඔබ විවාහ වෙලා නැහැ . විවාහ වෙන්නට කලින් ඔහු බීමතට ඇබ්බැහි වී සිටීම ඔබගේ අනාගතයට කුමන ආකාරයේ බලපෑමක් කරාවි දැයි ඔබ සිතා බැලිය යුතු නොවේද ?  

ඔබගේ boyfriend අනාගත ස්වාමිපුරුෂයා කර ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් , ඔහු කෙතරම් ඔබට ගෞරව කරන්නේ දැයි ආදරය කරන කාලයේ දී විමසා බැලීම කාන්තාවකගේ බුද්ධිමත් භාවයයි. එසේ නොමැතිව කරගන්නා විවාහ  නිසා දීර්ඝ කාලයක්  ගැහැනුන්ට දුක් විඳීමට සිදුවෙන බව අවධාරණය කර ගන්න.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 02 Jun 2019 Sun 2:17 PM