ප්‍රශ්න තොරතුරු

Over thinking nati karaganne kohomada

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබ අපට ඉදිරිපත් කොට ඇති පැනය වන්නේ ඕනාවට වඩා සිතීම වලක්වා ගන්නේ කෙසේද යන්නයි. මෙහිදී සිතීම හෙවත් සිතුවිලි නිර්මානය වීමේ ක්‍රියාවලිය ඉබේ හටගන්නා ක්‍රියාවලියකි. එය අපට නැවත්වීම කලනොහැක්කක් සේම අපට කල හැකි වනුයේ එම සිතුවිලි හටගන්නා අරමුනේ ස්වබාවය අනුව එහි ස්වරූපය අපගේ එදිනෙදා ජීවිතයේ පලදායිතාව දනාත්මක ආකාරයෙන් ඇතිවෙන ආකාරයට හැඩගස්වා ගැනීමයි එනම් සිතුවිලි කළමනාකරණය කිරීමයි.

සීමාව ඉක්මවා තමන්ට අහිතකර ලෙස සිතුවිලි වර්දනයට හේතුව අප යොමු වී ඇති අරමුනට දැඩි සේ එල්බ සිටීම හා එම සිතුවිලි සමග ඍණාත්මකව හා ධනාත්මකව වාදවිවාද හා ගනුදෙනු ඇතිකර ගැනීමයි.එමනිසා කල යුතු වනුයේ තමන්ගේ සිතට පැමිනෙන සිතුවිලි කලමනාකරනය කිරීම මගින් මානසිකව ශක්තිමත් වීමයි.ප්‍රධාන ලෙස අප මානසිකව ශක්තිමත් වීමට අපගේ හැඟීම් සහ සිතුවිලි අවබෝධ කර ගැනීම වැදගත්ය. එනම්, අපට දැනෙන හිතකර අහිතකර, පහසු සහ අපහසුකාරී තත්වයන්ස ගැන අවබෝධය දීම වැදගත්ය.

1. සෘණාත්මක සහ ධනාත්මක - අපගේ හැඟීම් සහ සිතුවිලි සෘණාත්මක සහ ධනාත්මක ලෙස කොටස් දෙකකි. එහිදී මෙම හැඟීම් දෙවර්ගයම දැනීම සාමාන්‍ය වේ නමුත් කුමන හෝ හේතුවක් නිසා අපි දීර්ග කාලයක් සෘණාත්මක හැඟීම් සමග ජිවත් වීම අපට අහිත කර තත්වයන් ඇති කිරීමට හේතු වේ. එම නිසා ඔබ තුල ඇති සෘණාත්මක හැඟීම් සහ සිතුවිලි හදුනා ගැනීම වැදගත් ඉන් පසු ඒවා කළමනාකරණ කුසලතා භාවිතා කරන්න. එමඟින් ඔබට මානසික වශයෙන් සහයක් ඇති වේ.

 
2. ස්වයන් අභිමානය - එනම් අපට අප පිළිබඳව ඇති විශ්වාසය මේ ලෙස හදුන්වයි. එහිදී ඔබ තුල ඇති කුසලතා හදුනාගන්න. ඒ වගේ ඔබ තුල ඇති දුර්වලතා හදුනා ගැනීමද වඩාත් වැදගත්. ඉන්පසුව ඔබගේ කුසලතා වැඩිදියුණු කර ගනිමින් සහ දුර්වලතා මඟ හරවා ගනිමින් ඔබගේ ජිවිතයේ ඉලක්ක සපුරා ගැනීමට කටයුතු කල හැකිය.


3. ආතතිය - මානසික ආතතිය ස්භාවිකවම පුද්ගලයන්ට ඇතිවන සාමාන්‍ය තත්වයකි. ආතතිය, සෘණාත්මක ඇතිය සහ ධනාත්මක ආතතිය ලෙස කොටස් දෙකකි. සෘණාත්මක ආතතිය ඇති වූ විට පට සිදුකිරීමට ඇති කටයුතු අරමුණු සිදුකර ගැනීමට බාධා ඇතිකරනු ලබයි.ධනාත්මක ආතතියෙදී අප සිදුකරන කටයුතු සඳහා උද්වේගයක් ඇතිකරනු ලබයි. උදාහරණයක් ලෙස ( ඔබට විභාගයකට මුහුණ දීමට තිබෙනවායයි සිතන්න. සෘණාත්මක ආතතිය ඔබට ඇත්නම් - පාඩම් කිරීමට අපහසුතා ඇති වීම, නිතර නිදිමත දැනීම, හිසේ කැක්කුම, වැනි විවිධ අපහසුතා ඇති වේ. එමඟින් ඔබට විභාගයට සුදානම් වීමට නොහැකි වන ලෙස කටයුතු කරයි. ධනාත්මක ආතතියෙදී - පාඩම් කිරීමට කැමත්තක් සහ, විභාගයට මුහුණ දීමට විශ්වාසයක් ඔබ තුල ඇති කරවයි) මේ නිසා ඔබ තුල ඇති වන ආතතිය කළමනාකරණය කිරීම මඟින් ඔබට සෘණාත්මක ආතතිය මඟහරවා ගැනීම සහ එය කළමනාකරණය සිදුකර ගැනීමේ හැකියාව ඇත.

4. උපකාර ලබාගැනීම - පුද්ගලයන් ලෙස අපට ගැටළු විසදීමේ කුසලතා තිබෙනවා. නමුත් ජිවිතයේ විවිධ අවස්ථාවල අපට පැමිණෙන ගැටළු, අභියෝග සඳහා අපට අපතුල ඇති කුසලතා මඟින් පමණක් පිළිතුරු සොයා ගැනීමට අපහසු වනවා. එවැනි අවස්ථාවන් වලදී උපකාර ලබාගැනීම වැදගත්. එහිදී ඔබට විශ්වාස වන්ත අයෙකු සමඟ ඒ පිළිබඳව කතා කිරීම හෝ මනෝ උපදේෂන් සේවාවට යොමුවිය හැකිය.

 
5. විවේකය - ඔබ ඔබගේ එදිනෙදා වැඩකටයුතු කිරීමේදී විවේකය ලබාගැනීම වැදගත්. එහිදී ඔබ කැමති විනොදන්ශ්‍යකට යොමුවීම. ව්‍යායාම කිරීම වගේ දේවල් කරන්න පුලුවන්න.

 
6.ආහාර - සෞඛ්‍ය සම්පන්න සමබර ආහාර වේලක් ලබා ගැනීම සහ හොඳින් ජලය පානය කිරීම මගින් අපගේ කායික සෞඛ්‍ය හොඳින් පවත්වා ගැනීමට උපකාරී වේ. එමගින් අපගේ මානසික සෞඛ්‍යය ද ශක්තිමත් කරගැනීමට එය වැදගත් වේ.

 
7.ප්‍රතිකාර - ඔබට යම්කිසි රෝගී තත්වයක් තිබේනම් එයට නිසි වෙලාවට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වඩා වැදගත් එහෙනම් ඔබ යම්කිසි කායික රෝගී තත්ත්වයකින් පීඩා විඳී නම් එයට ප්‍රතිකාර ලබා ගැනීම තුළින් ඔබට එම රෝගය පාලනය කිරීම හෝ එම රෝගයෙන් සුවපත් වීමේ හැකියාවක් ඇත. එමගින් ද ඔබගේ මානසික සෞඛ්‍යය ශක්තිමත් කර ගැනීමේ හැකියාව ඇත.

 

එසේම ඔබට ඕනෑම දෙයක් පිළිබඳව සිමාවන් නොමැතිව අධිකව  යම් සිතුවිලි පැමිනේනම් එවැනි අවස්ථාවන් ඔබ හඳුනාගැනීම වැදගත් වනවා. එහිදී එවැනි සිතුවිලි සමඟ ඉදිරියට යාම වෙනුවට ඔබ එවැනි සිතුවිලි වලින් දුරස්වී ප්‍රයෝගික දේ සඳහා නැබුරු වීම වඩාත්  හිතකරය.  එනම්  ඕනෑම දෙයක් සිදුවීමේ දී ඒ සිදුවීම වගේම සිදුනොවිමටත් සම්භාවිතාවක් තිබෙන නිසා අධිකව ඕනෑම දෙයක් සිදුවේ හෝ එම දේ සිදු නොවේ යන්න සිතීම ප්‍රායෝගික නොවේ. ය එම නිසා ඕනෑම දෙයක් සිදු වීම සහ සිදු නොවීම සිදු විය හැකි බව තේරුම් ගැනීම ප්‍රායෝගික භාවයයි.

ප්‍රධාන වශයෙන් මෙම ක්‍රම අනුගමනය කරමින් ඔබට මානසිකව ශක්තිමත් වීමට හැකියාව තිබේ. එමෙන්ම සිතට නැගෙන සිතිවිලි ඔබට හා ඔබේ එදිනෙදා ජීවිතයට රිනාත්මක ආකාරයෙන් බලපෑමක් ඇතිවීමට නොදී සාර්තකව කලමනාකරනය කරගත හැකිය.


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 05 Jan 2022 Wed 2:47 PM