< !--WARNING : Respond.js doesn 't work if you view the page via file:// --> < !--[ if lt IE 9 ]>

ප්‍රශ්න තොරතුරු

mama l. r. t. kiyana sath kama karala danata aurudu 9 wanawa  a?mata aka aya galawa ganna ona aya banak hadaganna..kohomada karaganna.aya babak hadanna puluwan waida

       

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

LRT සැත්කමකට පසු ව එය නැවත සකස් කර ගැනීමේ සැත්කම් ඇත . මෙහිදී සිදු කරනු ලබන්නේ ගැට ගසා විසන්ධි කොට ඇති පැලෝපීය නාල දෙකේ හානි වූ කොටස් ඉවත් කර අලූත් කොටස් දෙක නැවත සම්බන්ධ කිරීමයි. මෙහි දී සැත්කමෙන් පසු දරු ඵල ලබා ගැනීමේ අවස්ථාව 25%-80% දක්වා ප්‍රමාණයකට වෙනස් වේ  . මෙහි සාර්ථකත්වය රඳා පවතින්නේ කලින් එම සැත්කම සිදු කළ ආකාරය සහ ඉතිරිව තිබෙන පැලෝපීය නාලවල  නිරෝගීභාවය සහ සම්බන්ධ කිරීමේ ඇති හැකියාව මතයි . බොහෝ සත්කම් laparoscopic ආකාරයට කරන අතර සමහර ඒවා mini laparotomy ක්‍රමයට ද සිදු කරනු ලැබේ . 

ඔබට මේ සඳහා සදහා නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට ළඟම රජයේ රෝහලේ නාරි හා ප්‍රසව වෛද්‍ය සහය යොමුවී විශේෂඥ වෛද්‍යවරයාගේ උපදෙස් ලබා ගන්න . ඔබ ගේ වයස සහ අනෙකුත් තත්ත්වයන් මත මෙම සැත්කම සාර්ථක භාවය හා දරුවෙක් පිළිසිඳ ගැනීමේ හැකියාව රඳා පවතින බව මතක තබා ගන්න .


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 06 Jun 2019 Thu 3:18 PM