< !--WARNING : Respond.js doesn 't work if you view the page via file:// --> < !--[ if lt IE 9 ]>

ප්‍රශ්න තොරතුරු

mata suda yanawa kiyana de thuyanawa namuth hema dawasakama ne hebei yana dawas walata godak yanawa ewa laa kaha patai wage siyum dugadak wageth thiyanawa meka ledak wenna puluwanda

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

පිළිතුරු දීම සඳහා ලබා දී ඇති තොරතුරු ප්‍රමාණවත් නැත . ඔබේ වයස හා වෙනත් රෝග ලක්ෂණ පිළිබඳ ඉතිහාසය අවශ්‍යයි . සාමාන්‍ය සුද යාම රෝගී තත්ත්වයක් නොවන අතර බිය විය යුතු නැත . නමුත් ඔබ පවසන පරිදි දුගදක් සහ ඊට සම්බන්ධව වේදනාවක් හෝ ගැසීමක් වැනි තත්ත්වයක් ඇති විටදී එය රෝගී තත්ත්වයක් විය හැකියි. 

මේ සඳහා පරික්ෂා කර ගැනීමට ළඟම රෝහලේ නාරි හා ප්‍රසව වෛද්‍ය සායනයට යොමු විය හැක . ඔබ පැප් පරික්ෂණයක් සිදු කොට නොමැති නම් එය සිදුකරගැනීමට ක්‍රියාත්මක වන්න . වෛද්‍ය උපදෙස් ලබා ලබා ගැනීම මගින් මෙම ගැටලුවෙන් ගැටලුවෙන් මිදීමට ඔබට හැකි වනු ඇත . මේ හා සම්බන්ධව මුත්‍රා රෝග හෝ දියවැඩියා වැනි දියවැඩියාව වැනි බෝ නොවන නොවන රෝග ඔබට නැති බව ද තහවුරු කරගන්න .


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 07 Jun 2019 Fri 11:00 AM