ප්‍රශ්න තොරතුරු

mama marry karala masa 5i mage polactin homoya wadi wela beth gaththa eka nam hari eth thama babek na anika mata mesas hariyata hadaenne na

       

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබේ වයස මේ සඳහා සඳහන් කළ යුතු ය . එමෙන්ම ඔබගේ විශේෂඥ නාරි හා ප්‍රසව වෛද්‍යවරයා පවසා ඇති පරිදි හෝමෝන වාර්තා සාමාන්‍ය නම් දරුවකු පිළිසිඳ පිලිසිද ගැනිමට අවම වශයෙන් අවුරුද්දක් වත් උත්සාහ කළ යුතුය . එහිදීද ඔබට දරු පිළිසිඳ ගැනීමක් නොමැති නම් වෛද්‍ය පරීක්ෂණ හා උපදෙස් මත ප්‍රතිකාර සඳහා යොමු විය හැක . ආර්තවය සම්බන්ධ ඇති ගැටලුව බොහෝ කාන්තාවන්ට ඇති ගැටලුවක් වන අතර එය කෙලින්ම මදසරුබාවයට හේතු නොවේ .. මෙවැනි තත්ත්වයන් බොහෝ සුලභ වන නිසා මේ සඳහා අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නොවේ . අවශ්‍ය වන්නේ ඉවසීමෙන් සහ විශ්වාසයෙන් යුතු ව  වෛද්‍ය උපදෙස් පිළිපැදීම.

ඔබට ඇති ගැටළුව අක්‍රමවත්  ආර්තවය වුවත් එය නිවැරදි කර ගැනීම සඳහා ප්‍රතිකාර ක්‍රම ඇත . දිගටම ඔබේ විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු වී ප්‍රතිකාර ලබා ගැනීමට නිර්දේශ කරමි . 


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 07 Jun 2019 Fri 4:05 PM

අදහස්