ප්‍රශ්න තොරතුරු

muhune Roma wewenne ai

           

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබ කාන්තාවක් නම් මුහුණේ වැඩිපුර රෝම වැවීම Hirsutism යන රෝග ලක්ෂණය ලෙස හැඳින් විය හැක . මේ සඳහා බලපා හැකි ප්‍රධාන හේතු කීපයක්ම තිබේ . ප්‍රධාන වශයෙන්ම මෙයට හේතු වන්නේ කාන්තා හෝමෝන වල පවතින අසමතුලිතතාවය කි . එනම් වැඩිපුර ඇන්ඩ්‍රජන්(Androgen) නැමැති පිරිමි හෝමෝනය ස්‍රාවය වීම කි . මෙය සමහරවිටෙක ස්වභාවයෙන්ම සිදුවන්නක් වන අතර වෙනත් හේතු නිසා ද සිදුවිය හැක .

1) Polycystic ovary syndrome. නැමැති ඩිම්බ කෝෂ ආශ්‍රිතව හටගන්නා රෝගී තත්ත්වයක් 

2) Cushing's syndrome. කුශීන්  රෝග තත්ත්වය ඇතිවිට කෝටිසෝල් නමැති නැමැති හෝර්මෝනය වැඩිපුර ශ්‍රාවය වීමෙන් මෙවැනි තත්ත්වයක් ඇති විය හැක .

3) Congenital adrenal hyperplasia. නැමැති රෝගයේ දී  ඇඩ්රිනලින් ග්‍රන්ථිවලින් ශ්‍රාවය වන අධික ස්ටීරොයිඩ හෝමෝන තත්ත්වයක් නිසා 

4) Tumors. පිළිකා හෝ පිළිකා නොවන ගෙඩි වැනි දේවලින් ඇන්ඩ්‍රජන් හෝමෝන ශ්‍රාවය වීම  - මෙය ඉතා කලාතුරකින් ඇතිවන තත්ත්වයකි 

5)කලාතුරකින් භාවිතා කරන සමහර ඖෂධ නිසා 

උක්ත කරුණු අතරින් වඩා සුලබ හේතුව වන්නේ පලවෙනි කරුණ වන ඩිම්බ කෝෂ ආශ්‍රිත රෝගී තත්ත්වයයි.

මේ සඳහා ලගම රජයේ රෝහලේ නාරි හා ප්‍රසව වෛද්‍ය සායනයට  යොමු වී පරික්ෂා කරවා ගෙන  ප්‍රතිකාර ලබා ගන්න . මෙය මද සරු භාවයට ද හේතුවකි .


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 08 Jun 2019 Sat 10:24 PM

අදහස්