ප්‍රශ්න තොරතුරු

mama marry karala aurudu 5 k wenawa thama babala ne mata hithenawa mage monawa hari lingika ekathu wena akaraye wereddakda kiyala hithenawa ane mawa weradiwata therum ganna epa mata puluwannam updesayak denna

           

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

බැලූ බැල්මට පෙනී යන්නේ ඔබ හෝ  ඔබේ සැමියා ප්‍රාථමික මදසරුභාවයෙන් පෙළෙන බවයි . මෙම තත්වය පරික්ෂා කරවා ගැනීමක් හෝ ප්‍රතිකාර ගත් බවක් මෙහි සඳහන් කර නොමැති නිසා පිළිතුරු ලබා දීම සංකීර්ණය .

නමුත් පළමු ඔබ දෙදෙනා ම කළ යුත්තේ විශේෂඥ නාරි හා ප්‍රසව වෛද්‍ය වරයෙකු හමු වී උපදෙස් හා නිවැරදි පරීක්ෂාවන් කර ගැනීමයි . එහිදී ඔබ දෙදෙනාගේ ලිංගික හැසිරීම් හා ඉරියව් වල  යම්කිසි අඩුවක් තිබේ නම් එය ඔහු නිවැරදි කරන අතර එසේ නොමැතිව වෙන යම් රෝගී තත්ත්වයක් තිබේනම් තිබේ නම් එයට ප්‍රතිකාර ලබාදී නිවැරදි කරනු ඇත.

මේ සඳහා ළඟම රෝහලේ නාරි හා ප්‍රසව සායනය වෙත යොමු වන්න . 


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 09 Jun 2019 Sun 4:24 PM