ප්‍රශ්න තොරතුරු

මට  තියෙන්නේ   මගේ  හිතට   ගොඩක්   wada  dena  prasnayak   mage   පියයුරු   ගොඩක්   podi  මට   එක   මානසික   wadayak  එකට   බෙහෙත්   මොනාද   තියෙන්නේ  

       

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

එමෙන්ම ප්‍රශ්නයට පිළිතුරු සැපයීමේ දී සැළකිල්ලට ගත යුතු සැළකිල්ලට ගත යුතු කරුණු කිහිපයක් තිබේ .

1. ඔබේ වයස 

2.ඔබ වැඩිවියට පත් වූ වයස 

3.ඔබගේ ආර්තව චක්‍රය සිදු වන ආකාරය 

4.ඔබගේ BMI අගය එනම් උසට සරිලන බර 

5. ඔබගේ පවුලේ ලේ ඥාතීන්ගේ සම්බන්ධ තොරතුරු - ජාන ගත සම්බන්ධතා 

පොදුවේ කුඩා පියයුරු පිහිටීමට හේතුන් කිහිපයක් බලපායි . ඊස්ට්‍රජන් නැමැති හෝමෝනය පියයුරු වර්ධනයට හා පිරිපුන් බවට බලපාන ප්‍රධාන හෝමෝනය වන අතර  එහි ඌනතාවයක් නිසා මෙලෙස සිදු විය හැක . නැත්නම් ඔබගේ පවුලේ අයගේ මෙන්  ප්‍රවේණිගතව පැවත එන කුඩා පියයුරු පිහිටීමක්ද විය හැක .

එසේත් නැත් නම් ශරීරයේ පවතින දුර්වල වර්ධන ස්වභාවයක් හෝ පෝෂණ ඌණතාවයක් නිසා ද සිදු විය හැක . මානසික ආතතිය මෙන් ම කලාතුරකින් තිබෙන්නේ වෙනත් ජානගත රෝග නිසා ද මෙලෙස සිදුවිය හැක .

මෙම තත්ත්වයට ප්‍රතිකාර කිරීමට විශේෂඥ වෛද්‍යවරයකු හමුවී ඔබට ඇති ගැටළුව හඳුනා ගෙන පිළියම් ලබා ගැනීමට හැක ..   Endocrinologist or VOG වෛද්‍යවරයෙකු හමුවීමට නිර්දේශ කරමි.


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 12 Jun 2019 Wed 9:47 PM