ප්‍රශ්න තොරතුරු

Maga nona ekka inna ba eyata wadanawa danawa

     

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබගේ ගැටලුව පැහැදිලිව සඳහන් කර නොමැති උවත් ඔබට තිබෙන්නේ ඔබ දෙදෙනා අතර තිබෙන ලිංගික සබඳතා වලදී ඇතිවන ගැටළුවක් බවයි පෙනෙන්නේ.

 මෙහිදී ඔබ සඳහන් කර තිබෙන්නේ ඔබගේ  භාර්යාව ලිංගික කාර්යේදී අපහසුතාවයට පත්වන බවයි.  ඔබ විවාහ වී කොපමන කලක්  වී දැයි සඳහන් කර නොමැත . මෙම තත්ත්වය විවාහ වූ දින පටන් පවතින්නේ ද ? එසේ නොමැතිව මෑතක පටන් එය ආරම්භ වූයේද?

 විවාහ වූ දින පටන් පවතින්නේ නම්  ඇතැම්විට ඇයගේ හැඟීම් උද්දීපනය වන්නට ප්‍රථම ඔබගේ ලිංගේන්ද්‍රය ඇයගේ යෝනි මාර්ගයට ඇතුළු කර තිබෙන්නට හැකිය .  ඇයගේ හැඟීම්  එම අවස්ථාව වන විට  උද්දීපනය නොවී තිබුණි නම් ඇගේ යෝනි මාර්ගය ඒ සඳහා සූදානම් වී නැත. එහිදී ඇයට වේදනාවක් දැනෙනවා විය හැකිය.  

 තවත් නොයෙකුත් කාරණා මෙහිදී බලපාන්නට හැකි ය. කෙසේ වෙතත් ඔබ දෙදෙනා පවුල් පදේශන සඳහා යොමු වන්නේ නම් වඩාත් යහපත්ය.  ඔබගේ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපදේශන නිලධාරීන් සිටිති . එමෙන්ම රජයේ රෝහලේ වෛද්‍ය සායනයට යොමු වීමෙන් ද මේ සඳහා  අවශ්‍ය උපදෙස් / ප්‍රතිකාර ලබාගත හැකිය .

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 15 Jun 2019 Sat 3:23 PM