ප්‍රශ්න තොරතුරු

Mata dan tika dinak thisse mage wilube sita wam patta hariyata ridenawa koi welet oluwa kakkumai mata e de nisa mage mahattayat ekka ekata innakota asawak hitennema naha agata hari mahansi mekata witamin monawahari tiyanawada

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි. 

ඔබේ විලුඹ කැක්කුම ට හේතුව plantar fascitis නම් පටක ආශ්‍රිත ආසාදනයක් හෝ විෂබීජ ආසාදනයක් හෝ නැත්නම් ගල් තැලුමක් වැනි හේතුවක් විය හැක . එසේත් නොමැතිනම් නොමැති නම් යම් කිසි මස්පිඩු ආශ්‍රිත සාමාන්‍ය වේදනාවක් විය හැක .

බොහෝ විට අනතුරක් නිසා සිදු වූ දෙයක් නොවේ නම් පටක ආසාදනයක් විය හැක . මෙම මස් පිඩු වේදනාව පාදය දිගේ ඉහළට ගමන් කරයි නම් සමහර විට ස්නායු තෙරපීමක් ඇති වීම නිසා ද විය හැක . හිසේ කැක්කුම පාදයේ කැක්කුම හා කෙලින්ම සම්බන්ධ නැති බව පෙනේ .

වේදනාව නිසා ඔබට සංසර්ගය සඳහා ආසාවක් නැති වීම ස්වභාවික ය .

ඔබ කළ යුත්තේ පාදය  ඇති වී තිබෙන කැක්කුම සඳහා වේදනා නාශක හා සුදුසු ඖෂධ භාවිතා කිරීමයි . හිසේ කැක්කුම සහ පාදේ   ඇති ආබාධය වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කරවා ගැනීමෙන් නිවැරදි ප්‍රතිකාරයක් ලබා ගත හැකි වනු ඇත .

එවිට ඔබට එකතුවීමේදී ඇතිවන අපහසුතාවයන් මග හැරී යනු ඇත 


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 17 Jun 2019 Mon 2:39 PM