mage piyayuru podi wadi
හිතවත් පරිශීලක,
ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.
ඔබේ වයස හා විවාහක බව සඳහන් කර නැති නිසා මේ ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරක් දීම අපහසු ය . පියයුරු විශාල කර කර ගැනීමට ශල්‍ය කර්ම හෝ හෝමෝන ප්‍රතිකාර ලබා ගත යුතුය . මෙවැනි ප්‍රතිකාර වල අතුරු විපාක රාශියක් තිබේ . සුදුසුම දෙය මෙවන් ප්‍රතිකාරවලට යොමු නොවී තිබෙන ආකාරයට ශරීර සෞඛ්‍ය රැක ගැනීමයි .ඔබට මෙය අත්‍යවශ්‍යම නම් විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබා ගන්න . නමුත් මේ සඳහා සිදුකරන ශල්‍යකර්ම සඳ හා ලංකාවේ ඉහල මුදලක් වැය වේ .හෝමෝන ප්‍රතිකාර වලට යොමු වීමෙන් පියයුරු පිළිකා ඇතිවීමේ අවදානමක් ද පවතී
මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.
ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.
නිරතුරු ඔබ ලඟින්ම,
යෙහෙළි.
ප්‍රශ්න අසනු ලබයි 21 Jun 2019 Fri 10:41 AM