ප්‍රශ්න තොරතුරු

මැරෙන්න තරම් ජීවිතේ epa wela thiyanakota jiwath wenna hithahadaganne කොහොමද ?

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

මේ ප්‍රශ්නය ඇති එකම තැනැත්තා ඔබ නො වන බව නිතර සිතන්න . සියදිවි හානි කර ගැනීමට තරම් මානසිකව දුර්වල වී ඇත් නම් ඔබ  කළ යුත්තේ ඔබගේ ප්‍රශ්නය උපදෙස් දිය හැකි කෙනකු සමඟ විවෘතව කතා කිරීමයි . එයින් පසුවද ඔබට කලකිරීම පවතී නම් මානසික වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ගැනීමෙන් මෙවැනි තත්ත්වයක් ඇතිවීම වළක්වා ගත හැක . කෙසේ වුවද  දුර්ලභ ව ලැබී ඇති ජීවිතය හානි කරගැනීමට වඩා ආරක්ෂා කර ගැනීමෙන් වඩා යහපත් දෙයක් ඉදිරියට කිරීමට ඔබට හැකියාව ඇති බව විශ්වාස කරන්න . ඔබට ජය !!


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 22 Jun 2019 Sat 9:49 PM