ප්‍රශ්න තොරතුරු

muhune roma wawena eka kaha gewama adu kra gnna plwnda? nathnm wena behethk mata kiyanako

     

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.ඔබ කාන්තාවක් නම් මුහුණේ රෝම වැවීම  සිදුවන්නේ වැවීම සිදු වන්නේ ඇන්ඩ්‍රිොජන් වැනි හෝමෝන වල ක්‍රියාකාරිත්වයේ වැඩිවීම නිසාය.මෙය Hirsutism ලෙස හඳුන්වයි  සමහර රෝගී තත්ත්වයක්(PCOS) මේ සඳහා හේතු විය හැකි බැවින් පළමුව පලමුව ඒ සදහා  වෛද්‍යවරයෙකු හෝ හමුවී පරීක්ෂා කර ගත යුතු ය 

එම රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීමේ කිරීමෙන් ඔබගේ මුහුණේ අනවශ්‍ය ලෙස රෝම වැඩීම පාලනය කර ගත හැක . 

බොහෝවිට මෙවැනි තත්වයක් ඔබට තිබේ නම් තිබේ නම් මෙය මදසරුබාවයට හේතු විය හැකි තත්ත්වයක් නිසා නිසා අනිවාර්යයෙන්ම පරික්ෂා කරවාගෙන ඖෂධ ලබාගැනීම කළ යුතුය.

ක්‍රීම් වැනි ආලේපන භාවිතා කිරීමෙන් රෝම වැවීම නතර කළ නොහැකි නමුත් ඔබට විවිධ ක්‍රම ඔස්සේ මුහුණේ රෝම ඉවත් කිරීම නම් සිදු කළ හැක නමුත් වඩාත්ම වැදගත් දෙය වන්නේ මුහුණේ අනවශ්‍ය ලෙස රෝම වැවිමට වැවිමට ඇති හේතුව පරීක්ෂාකර බලා එයට ප්‍රතිකාර ගැනීමයි .


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 25 Jun 2019 Tue 10:23 PM