ප්‍රශ්න තොරතුරු

Mata oluwa kakkumak thiyenawa godak amarui dan mage muhunath idimila bellath ridenawa kondath ridenawa rata ninda yanne na nidimatha enneth na mekata mokakda karanne kiyala kiyannako visadukam dennako ?

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබේ වයස හා ස්ත්‍රී පුරුෂ භාවය හා  රෝග  ලක්ෂණ පැවැති  කාලය  පැවසුවේ නම් පිළිතුරු දීම වඩාත් පහසුය.

ඔබගේ රෝග ලක්ෂණ නම් තරමක් සංකීර්ණ ය . මෙය කායික හෝ මානසික රෝග  ලක්ෂණ විය හැක.

ප්‍රථමයෙන් ඔබ මූලික  රුධිර  පරීක්ෂා කර ගන්න .රුධිර පීඩනය හා  ඇස් පරීක්ෂා  කර ගන්න . මුහුණඉදිමීම හිසෙහි අමාරුවක්ට මෙන්ම වෙනත්රෝග නිසාත්  සිදු  විය  හැක .

නින්ද නොයාම  හා  ඉදිමීම   අතර සම්බන්ධයක්  තිබිය  හැක .හිස  කැක්කුම හා  බෙල්ල  කැක්කුම අනිවාර්යයෙන්ම  වෛද්‍යවරයකු ලවා පරික්ෂණ  කර  ගැනීම නුවණට  හුරුය .මීට  අමතරව ඔබට  මානසික   ආතතිය වැනි  තත්ත්වයක්  නැති බවද තහවුරු කර ගත  යුතුය .

සමහර  විට  මෙය ඉරුවරුදාවක්  (migraine )වුව  ද  විය හැක.

හොඳම දෙය වහාම වෛද්‍යවරයකු හමුවී වී පරික්ෂා කර ගැනීමයි 

 


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 26 Jun 2019 Wed 11:21 PM

අදහස්