ප්‍රශ්න තොරතුරු

man daru 3k mavak vemi.mage 3raduva labunu pase mau kiri msa 9n navataha man rakiyavakiya giyemi.kiri tada vima hethuven ma kiri natara vimata veidya varayekugn beheth gatimau dina 3k pamani.dan mage piyaru eta kudaya .aya samiyata preshnayaki.mahata pilithurak laba denna

     

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

සාමාන්‍යයෙන් කිරි දෙන මවකගේ පියයුරු විශාල වීමක් සිදුවෙයි .ඊට හේතුව ස්ථන ග්‍රන්ථි පටක පියයුරු පුරාම පිහිටා පිරිපුන් පැවතීමයි .

කිරි එම නතර කළ විට එනම් කිරි නිපදවීම ස්ථන ග්‍රන්ථි වලින් නැවතුණු විට එම පටක ඇකිලීමක් ඇති වී පියයුරු කුඩා වීම නිතැතින්ම සිදු වේ මෙය සාමාන්‍ය තත්ත්වයකි . 

පියයුරු වර්ධනය වීම සහ ඒවා විශාලත්වය පැවතීම හුදෙක් හෝමෝන මත සිදුවන ක්‍රියාකාරිත්වයකි . ප්‍රමාණයෙන් කුඩා වීම මානසික ආතතියට පත් විය යුතු නොවන තත්ත්වයක්.මෙය ඔබේ සැමියා හා සාකච්ඡා කර තේරුම් කරදෙන්න දෙන්න 


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 27 Jun 2019 Thu 12:55 PM