ප්‍රශ්න තොරතුරු

දින ගනනාවක ඉදන් මගේ යෝනි ප්‍රදේශයේ සුදු පාට පිටි වගේ තියනවා. මම ලිංගිකව එකතුවීමක් සිදුවී නෑ කා සමගවත්.. නමුත් මෙය සමාජ රෝගයක් බව මා වෙබ් සයිට් එකක දැක්කා.. මට මෙයට කිරීමට දෙයක් පවසන්න..

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

මේ සඳහා පිළිතුරු සැපයීමට ඔබ දී ඇති රෝග ලක්ෂණ ප්‍රමාණවත් නොවන නමුත් මේ බොහෝ බොහෝ විට යම්කිසි දිරිය දිලීර ආසාදනයක් විය හැකියි .

ඔබට කැසීමක් හෝ වෙන යම් දුර්ගන්ධයක් දැනේ නම් එය පරීක්ෂා කරවා ගත යුතුය .

එසේ නොමැති ව සුද යාම පමණක් තිබේ නම් එය සාමාන්‍ය තත්ත්වයකි .

සමාජ රෝග බෝවන්නේ කෙනෙකුගේ ශරීරය තව කෙනෙකු හා ස්පර්ශ වීමෙන් කෝ රෝගියෙකුගේ ශ්‍රාවයන් ඉන්ද්‍රියන් වල  තැවරීමෙන්. සාමාන්‍යයෙන් ලිංගික ඇසුරක් නොමැතිව සමාජ රෝග බෝවීම උගහට ය .

ඔබට සැකයක් ඇත්නම් කළ හැකි හොඳම දෙය වෛද්‍යවරයෙකු ලවා පරික්ෂා කරවා ගැනීමයි .

වෙබ් සයිට් වල ඇති තොරතුරු මත රෝග නිශ්චය කිරීම ප්‍රඥා ගෝචර නො වේ .


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 27 Jun 2019 Thu 8:33 PM