ප්‍රශ්න තොරතුරු

man gastritis ragayen godak pida widinawa.mata ekata wisadumak denna puluwanda

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඖෂධ වලට ඔබේ රෝගය ප්‍රතිචාර නොදක්වයි නම් එන්ඩොස්කොපි පරීක්ෂණයක් කරවා ගත යුතුය . ආමාශයේ තුවාල ඉතා තදින් හට ගත් අවස්ථාවල සරල ප්‍රතිකාර ක්‍රම වලට සුවය  නො ලැබේ . සමහර විට මෙවැනි දිගුකාලීන තත්ත්ව H-pylori ආසාදන තත්ත්වයක් ද විය හැක . එවැනි තත්ත්ව වලට සංකලන  ඖෂධ ප්‍රතිකාර ලබා දිය යුතුය .

ආහාර පාලනයද වැදගත් ය .  තෙල් සහ පිටි සහිත ආහාර අවම කරන්න. වැදගත් ම දෙය බොහෝ කලක් මෙම රෝගවලට  පීඩා විඳින්නේ නම් වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කරවා ගැනීමයි . 

සමහර අවස්ථාවල මෙවැනි තත්ත්ව ගැස්ට්‍රයිටීස්  වලට ඔබ්ෙන් දූ වෙනත් රෝගී තත්ත්වයන් ද විය හැකි නිසා සහ රජයේ රෝහලකින් එන්ඩස්කොපි පරීක්ෂණය කරවා ගැනීම නිර්දේශ කරමි .


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 01 Jul 2019 Mon 10:12 AM