ප්‍රශ්න තොරතුරු

mage mahataya mata සලකන්නේ  na eyata වෙනත්  kantawan ekka sambandakamak  tiyanawa  mata eka hoya ganna widihakut na ahanna kiyanna kenekut na

     

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

 ඔයාගේ ස්වාමිපුරුෂයා ඔබ ගැන වැඩි තැකීමක් කරන්නෙ නැති නිසා ඔබ කනගාටුවෙන් සිටින බවයි පෙනෙන්නේ . ඒකට හේතුව කුමක්ද ? 

ඔබගේ ස්වාමියා ඔබට සලකන්නේ නැහැ කියලා ඔබ සඳහන් කරලා තියෙනවා ඒකෙන් ඔබ අදහස් කළේ කුමන ආකාරයේ සැලකීමක් ද ? 

 ඔහු වෙනත් කාන්තාවක් සමග සම්බන්ධතාවයක් ඇතැයි ඔබ විශ්වාස කරනවා . එසේ සිතීමට යම් හේතුවක් තිබෙන්නේ ද ? යම් හේතුවක් තිබෙන්නේ නම් ඊට ඔබගේ දායකත්වයක් තිබෙන්නේ ද ? 

යන ගැටළු වලට ඔබගේ හදවතට සමීපව පිළිතුරු සපයා ගන්න.

එහිදී මා අදහස් කලේ ඔහු වෙනුවෙන් ,ඔබ මෙතෙක් කළ යම් කැප කිරීමක් , සේවාවක් හෝ සම්බන්ධතාවයක් යම් වෙනසක් සිදු වූවා ද කියාය .

ඒ අන් කිසිවක් නිසා නොව පුද්ගලයකු වෙනස් වීම සඳහා පරිසරයෙන්ද යම් උත්තේජනයක් , තමාගේ සමීපතමයන්ගේ දායකත්වයක්, විශේෂයෙන්ම සහකරු හෝ සහකාරිය වෙනස් වීම සඳහා බලපාන බැවිනි.

 කෙසේ වෙතත් ඔහුගේ ආදරය දිනා ගැනීම සඳහා ඔබට යම්ක් කළ හැකි යැයි අප විශ්වාස කරමු . එහිදී වෙනදා වගේම ඔහුට ආදරය පෙන්වීම මගින් , පිටතට යමින් සිටින ඔහුගේ අවධානය ඔබ කෙරෙහි රඳවා ගැනීමට ඔබට යම් උත්සාහයක් ගත හැකිය. 

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 02 Jul 2019 Tue 8:41 AM

අදහස්

circle

නිර්නාමික

31 Jul 2019 Wed 7:01 PM

0764390710