ප්‍රශ්න තොරතුරු

මට මගේ පවුල් ජීවිතය ගැන කිසිම සතුටක් දැනෙන්නේ නෑ. එපා වෙල තියෙන්නේ තාම බැදලා අවුරුද්දයි. ආදරෙයක්,ආරක්ෂාවක්,අනුකම්පාවක් කිසිම දේයක් දැනෙන්නේ නෑ. කළකිරීමක් විතරයි තියෙන්නේ මැරෙන්න හිතිලා තියෙන්නේ. මොනාද කරන්න ඔනේ කියලා තේරුම් ගන්න බෑ. උදව් කරන්නවත් කවූරුත් නෑ  කටවත් කියන්නත් බෑ.  pls help me..

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබට ඇත්තේ මානසික ව්‍යාකූල භාවයක් බව පෙනී යයි . මෙය විශාදය දක්වා වුව ද වර්ධනය විය හැකි තත්වයකි . ළඟදීි විවාහ වූ ඔබ යම් කිසි අනාරක්ෂිත බවට හෝ නොසැලකිල්ල කට පත් වී ඇති බව ඔබ සිතයි . 

සමහර විට මෙය ඔබ ඔබගේ පරිසරයෙන් ඉවත් ඉවත් වී නව පරිසරයකට පැමිණීම නිසා සිදු වූ තත්ත්වයක් විය හැක . එහිදී ඔබ ඇසුරු කළ අයගෙන් වෙන් වී නව ජීවිතයක් ආරම්භ කිරීම නිසා යම් ව්‍යාකූල භාවයක් ඔබේ මනසේ  ඇති වී තිබේ .

මෙය නැති කර කර ගැනීමට ඔබ හා ඔබේ සහකරු මෙම ප්‍රශ්නය විවෘතව සුහදව කතාබහ කළ යුතුය . දෙදෙනා අතර අවබෝධය වැඩි දියුණු කර ගෙන දෙමාපියන් ද සමඟ සුහදව සාකච්ඡා කළ යුතුය . ඔබට උදව් අවශ්‍යයිු අවශ්‍යයි හැඟේ නම් එය නොසඟවා පැවසිය යුතුය .

එකිනෙකාට උදව් කර ගැනීමෙන් බොහෝ ප්‍රශ්න විසඳාගැනීමට හැකි වන අතරසාර්ථකව  මුහුණදීමට සාකච්ඡාවෙන් සහ එකමුතුවෙන් කටයුතු කිරීම වැදගත්ය.

ඔබට අවශ්‍යයි හැඟේ නම් මානසික වෛද්‍යවරයෙකු හමුවී ඔබේ ප්‍රශ්නය කියා සාර්ථක ප්‍රතිකර්මයක් ලබා ගත හැක .


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 05 Jul 2019 Fri 10:48 PM