ප්‍රශ්න තොරතුරු

mala paha kalu peheyata yanne ay. eka rogayakda

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

මෙ වැනි රෝග ලක්ෂණයක් ( Malena ) ඔබට ඇත්නම් ඔබ වහාම කළ යුත්තේ ශල්‍ය වෛද්‍යවරයෙකු හමුවී වී පරික්ෂා කරවා ගැනීමයි . 

මල පහ  කළු පාටට යාමට හේතුව අහාර මාර්ගයේ ඉහළ කොටසේ යම්කිසි රුධිර වහනයක් සිදුවීම ලෙස බොහෝ විට සැක කළ හැක . හේතු කීපයක් නිසා සිදු විය හැක .

1.ආහාර මාර්ගයේ ඉහළ කොටසේ ඇති තුවාල තුවාල වලින් රුධිර වහනය 

2. පිළිකාමය ගෙඩි හෝ වෙනත් ගෙඩි නිසා රුධිර වහනය වීම 

3.warfarin වැනි ඖෂධ අධික මාත්‍රාවෙන් භාවිතා කිරීමෙන් 

4. වෙනත්   සංකූලතා 

මෙය හදිසි අවස්ථාවක් ලෙස සලකා ප්‍රතිකාර ගත යුතු තත්ත්වයකි. අහාර මාර්ගයේ ඉහළ කොටසේ ඇති රුධිර වහනය නිසා ඔබ නොදැනුවත්වම මරණයට වුවද පත්විය හැක . වහාම ශල්‍ය වෛද්‍ය විශේෂඥ වරයෙකු හමුවී ප්‍රතිකාර ගැනීම නුවණට හුරුය.

ඒ අතර මූලික රුධිර පරීක්ෂාවක් කර හිමොග්ලොබින් ප්‍රමාණය සටහන් කර ගන්න .


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 06 Jul 2019 Sat 7:25 PM