< !--WARNING : Respond.js doesn 't work if you view the page via file:// --> < !--[ if lt IE 9 ]>

ප්‍රශ්න තොරතුරු

මට යම් කිසි වැඩක් අවධානයෙන් කිරීමට අපහසු ගතියක් ළගදී ඉදන් දැනෙනවා. පාසල් යන කාලයේ අධ්‍යාපනයට දක්ෂ උනත් මෑතකදී පෙනී සිටි විභාග වලින් දෙතුන් වතාවක් අසමත් උනා.. රැකියාව කරන විටද මා අතින් මෑතක සිට වැරදි සිදුවන අතර.මා බලාපොරොත්තු වු උසස් වීමද මට ලැබුනේ නැහැ. මම ගොඩක් මහන්සි වෙන දේවල් වල නිරත නොවුනත් අධික තෙහෙට්ටු ගතියක් ද මට නිතර දැනෙනවා. මට කිසියම් මානසික රෝගයක් වැළඳී ඇත්ද කියා මට සැකයක් ඇති අතර. මේ තත්ත්වය නැති කර ගැනීමට මා කුමක් කළ යුතුද?

       

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබේ ප්‍රශ්නය කායික මෙන්ම මානසික ආතතිය නිසා සිදු වන දෙයක් විය හැකියි . අධික තෙහෙට්ටුවක් දැනීම සහ මානසික ඒකාග්‍රතාවය  අඩු වීම තයිරොක්සින් වැනි හෝමෝන වල යම්  වෙනස්කම් වීම නිසා නිසා ද විය හැක  නිශ්චිත  හේතුවක් පැවසීමට පරීක්ෂා කිරීමකින් අනතුරුව මූලික  රුධිර පරීක්ෂණ කීපයක්   අවශ්‍ය වෙයි .

එමෙන්ම ඔබගේ රුධිර පීඩනය සීනි මට්ටම මෙන්ම කොලෙස්ටරෝල්  ප්‍රමාණ  පරීක්ෂා කර  ගන්න .මෙම  වාර්තා  සමග  මානසික  වෛද්‍යවරයකු හමුවී සාකච්ඡා කරන්න .


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 06 Jul 2019 Sat 8:32 PM