ප්‍රශ්න තොරතුරු

mata dana ganna puluwanda hiv hadenne kohomada kiyala

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

HIV ආසාදනය හෙවත් ඒඩ්ස් රෝගය බෝ වීමේ ප්‍රධාන ක්‍රම කීපයක් තිබේ 

1. ද්වි ලිංගික හෝ සම ලිංගික සම්බන්ධතා පැවැත්වීම මෙන් 

2. ආසාදිත  නික්ෂේපණ කටු හෝ   බ්ලේඩ් වැනි උපකරණ වලින් සම සිදුරු වීම 

3. උපතේදී හෝ මව්කිරි දීමේදී 

4. ආසාදිත රුධිර පාරවිලනය කදි 


මේ ආකාරයට HIV වෛරසය  තවත් අයෙකුට ඇතුළු වන්නේ ශුක්‍ර තරලය යෝනි තරලය ගුද තරලය හෝ රුධිරය හෝ මව්කිරි වැනි තරලයන් ඔස්සේ පමණි .  මේවා ශ්‍ලේෂ්මල පටකයක  හෝ   කෙලින්ම රුධිරය හා සම්බන්ධ වුවහොත් එච්අයිවී ශරීර ගත වේ .


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 09 Jul 2019 Tue 6:54 PM