< !--WARNING : Respond.js doesn 't work if you view the page via file:// --> < !--[ if lt IE 9 ]>

ප්‍රශ්න තොරතුරු

mata loku thanikamak denenawa.yaluwo okkoma inne wasiyata witharai .loku dukak denenawa ehema hithena kota.mata me para al exam .hariyata padam karalath ne.mata man witharai kiyala denenwa.ek aththa eth mta hithata shakthiyk gann widiyak ne kochchra hithuwath ek krann amarui.mn hithe duk thuni karagann nithrm pansal giy...eth mata mek dragann be...exam frel unoth thawath aul..mata mekata wisadumak denn pkz

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

මට ඔබගේ ප්‍රශ්නය තේරෙනවා.අපිට මේ විදියට තනිකමක් දැන්නෙ ගොඩක් වෙලාවට අපි ආදරය කරන අය අපිව ප්‍රතික්ශේප කරන විටදි.ඔබ ඔබගේ අම්මා ,තාත්ත සහෝදර සහෝදරයින් සමග තියෙන සම්බඳකම කෙසේද? ඔබ එය ශක්තිමත් කර ගැනීමට උත්සහ ගත යුතුයි.අපගේ පවුලේ බැඳීම ශක්තිමත් නම් පිටස්තර අය අපිව කෙතරම් ප්‍රතික්ශේප කලත් අපිට දැනෙන්නේ නැහැ.මේ ගැන සිතා බලන්න ඔබට එහ් අයගෙන් අසාදරණයක් වෙලා තියෙනව නම් සමාව දෙන්න ඔයාගෙන් ඒ අයට සිත් රිදීමක් වී ඇත්නම් සමාව ගන්න.එවිට ඔබගේ පවුලේ බැඳීම ශක්තිමත් වේවි ඔබට ඔවුන් මොනව කලත් ගානක් නැතිවේවි.ඒත් සමගම ඔබ පසුවන වයස අනුව ඔබගේ සිරුරෙ නොයෙකුත් හෝර්මෝන ක්‍රියාකාරීත්වය සිදු වෙනව ඒ හේතුවෙන් ඔබට මානසිකව යම් යම් අපහසු තාවයනට මුහුන දීමට සිදුවන ප්‍රවනතාවයක් තියෙනව.මෙම වයසදි පිරිමි ලමුන් ගැහනු ලමුන් කෙරෙහිත් ගැහනු ලමුන් පිරිමි ලමුන් කෙරෙහිත් වැඩි වශයෙන් ආකර්ශනයක් පෙන්නුම් කරනවා.මේ හේතුවෙන් ලමුන් අතර නොයෙකුත් ආකාරයේ බැඳීම් සහ ප්‍රතික්ශේප කිරිම් ඇති විය හැකි.නමුත් මේ වයසේදි අපගේ ප්‍රාන වගකීම අධ්‍යාපන කටයුතු හොඳින් කර විභාගයට සාර්ථකව මුන දීම බව මනසින් වටහාගෙන ඒ අනුව ක්‍රියාකිරීමට උත්සහ ගන්න.Time table එකකට පාඩම් කරන්න පටන්ගන්න.ඒ සඳහා පිටුවහලක් වෙන මිතුරන් කීප දෙනෙක් ඇසුරු කරන්න

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 22 Jul 2019 Mon 11:39 PM