ප්‍රශ්න තොරතුරු

yoni margayen ena samanya dugada nathi kara ganne keseda???pemwatha samaga ekata idimen ehi athi dugada ohuta prashnayak wenawa...mata ikmnaninma eyata pilithurak laba denna...mn danata bebysaban gala thamai pirisidu karanne.

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

යෝනි මාර්ගය ගැන සාමාන්‍ය දුගඳ පාලනය කිරීමට ඒ පිරිසුදුව පවත්වා ගැනීම වැදගත් . මේ ඒ සඳහා ඔබට නිතර යට ඇඳුම් මාරු කිරීම, කපු යට  ඇඳුම් භාවිතා කිරීම,  හා මුත්‍රා කර පසු එය  අවට පිරිසිදු කිරීම , සනිපරාක්ෂ තුවා අවම වශයෙන් පැය හයකට වත් වරක් මාරු කිරීම මේ ආදිය සිදු කළ හැක .

දුගඳ පාලනය කිරීමට භාවිතා කළ හැකි යම්  සේදුම්කාරක තිබේ . Rephresh වැනි දියර වර්ග  ඔබට ෆාමසියකින් මිලදී ගෙන භාවිතා කළ හැක . 

එමෙන් ම වැඩිපුර සබන් භාවිතා කිරීමෙන් යොනිමාර්ගය හිතකර බැක්ටීරියා විනාශ විය හැකි බැවින් එය අවම කිරීම වැදගත් වේ .

උණු වතුර වැනි ජාතියෙන් නිතර සෝදන්න එපා . එවිට යෝනි ශ්‍රාව ph අගය වෙනස් වෙනස් වී දුගඳක් ඇති විය හැක .


මීට අමතරව එය අවට ප්‍රදේශයට භාවිතා කළ හැකි deodorant වර්ග ද සමහර ෆාමසි වලින් මිලදී ගත හැක .



මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 23 Jul 2019 Tue 8:11 AM

අදහස්