ප්‍රශ්න තොරතුරු

mage kakul deka angata wada godak kettui.. ukula palal naha.habai ath deka nam mahathai.. . mata wayasa 18i.. mekat mokadda kala yutthe

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබ නගා ඇති ප්‍රශ්නෙට  පිළිතුරු දීමට ඔබ උස හ බර තිබුණේ නම් ඉතා ප්‍රයෝජනවත්ය . BMI  ගණනය කිරිම සඳහාය .

පෙනෙන ආකාරයට කඳ  ප්‍රදේශය මහත් වී මේ ප්‍රශ්නයට( TRUNCAL OBESITY ) ඔබ මුහුණ දී ඇති බව පෙනේ .

තොරතුරු අනුව සිතිය හැක්කේ ඔබගේ කකුල් කෙට්ටු වීමට වඩා කද ප්‍රදේශය  අනවශ්‍ය ලෙස මහත් වී ඇති බවකි . මෙයට බොහෝ විට හේතු වන්නේ වැඩි පුර ආහාර නිසා මේද පටකය කඳ  ප්‍රදේශයේ වැඩිපුර තැන්පත් වීමයි . එවිට ඔබගේ උකුළ සහ කකුල් කෙට්ටු වී ඇති ආකාරයට පෙනීමට පෙනෙන්ට පටන් ගනියි .

නමුත් නිවැරදි  උපදේශනයක් ලබා දීමට ඔබ සපයා ඇති තොරතුරු ප්‍රමාණවත් නොවන නිසා ඔබේ උස බර හා ඔබගේ ඉන ප්‍රදේශයේ වටා ප්‍රමාණය සඳහන් කරන්නේ නම්  අගනේ ය . 

ඔබට මේ සඳහා පිළියමක් අවශ්‍ය නම් ඔබ කළ යුත්තේ වෛද්‍යවරයකු හමුවී ඔබ වී ඔබගේ උසට නියමිත බර තිබේදැයි පරික්ෂා කරවාගෙන අනවශ්‍ය ලෙස  මේද පටකය ඔබගේ කද ප්‍රදේශය තැන්පත් වී ඇත්දැයි සොයා බැලීමයි . 

එසේ වී ඇත්නම් ඔබගේ කකුල් වලට සාපේක්ෂව කද ප්‍රදේශයේ අඩු කර ගැනීමට ව්‍යායාම සහ සුදුසු ආහාර රටාවක් පවත්වා ගැනීම වැදගත් වනු ඇත . 

එසේත් නොමැතිව ඔබට ඇත්තේ ස්වභාවිකව ම කෙට්ටු කකුල් නම් ඒවායේ මාංශ පේශි  වර්ධනය කර ගැනීමට කළ හැකි ව්‍යායාම ක්‍රම සහ වෙනත් උපක්‍රම තිබේ . 

ඔබට අවශ්‍ය කුමනාකාරයේ උපදේශනයක් ද යන්න නිශ්චිතව හඳුනා ගෙන නැවත අප සමග සම්බන්ධ වන්න .


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 24 Jul 2019 Wed 9:39 AM