ප්‍රශ්න තොරතුරු

mt mn adre krapu kenwa amthk krnn be mt ekt udau oni

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ආදරය යනු මිනිසුන් සතුන් සියළුම දෙනා, ලෝකයේ ඇති වඩාත්ම ප්‍රියකරන දෙයයි.එයට හේතුව එමගින් සිතේ ඇතිකරන සැප වේදනාවයි.  මෙම සැප වේදනාව ආදරය කිරීමේදීත්, ආදරය ලැබීමේදීත් ඇතිවන්නක් . නමුත් මෙය සිදුවන්නේ එම සිත තුල ඇතිවන ප්‍රසන්න වේදනාව නිසා බව බොහෝ දෙනා නොදන්නා කරුණක්. ඔබ ඉතා හොදින් ඔබේ සිත නිරීක්ෂණය කලොත් වටහා ගත හැකිය. 

සැබෑ ආදරය යනු අනෙකාගේ අවශ්‍යතා හදුනා ගැනීමත්, ඔහුව තේරුම් ගැනීමට ඇති  හැකියාවත්, ඔහුට හානිකර වන කිසිදු දෙයක් නොකිරීමත්ය. එහිදී පෙරලා ඔහුගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවිය යුතුයි. එසේ තමා සිදුකරන දේවල් වලට ආපසු දේවල් බලාපොරොත්තු වුවොත් තමයි අපේ සිතේ දුකක් ඇතිවන්නේ. ආදරය යනු එක්තරා පරිත්‍යාගයකි. එහිදී වෙනස් කරගත හැක්කේ තමාගේ පැත්තෙන් සිදුකරන දේවල්ය. එසේ තමාගේ පැත්තෙන් පෙරලා බලාපොරොත්තු නොවී කල යුතු දේවල් කලොත් ඔහුව හිමි උනත් නැතත් තමා ට තමා ගැන සිතා සතුටු වියහැක.. 

හිමි වීම හෝ  අහිමි වීමට සාධක ගොඩක් බලපානවා. ඒවා පුද්ගලයා අනුව විවිධයි. සමහරවිට අපගේ වැරද්දක් නොමැතිවත් යම් දේවල් අහිමි වෙනවා. ජීවිතයේ යථා ස්වරුපය තේරුම් ගැනීමට අපි උත්සහ කල යුතුයි, දක්ෂ විය යුතුයි. ජීවිතේ සැප,  දුක  මාරු වේවි පැමිණෙන දෙයක්. එහෙම සිදුවන විට මෙය ජීවිතයේ ස්වභාවය බව හදුනා ගන්න. තමාට ස්වභාවධර්මය පාලනය කරන්න අමාරුයි. ලද දෙයින් සතුටු වන්න පුරුදුවන්න. 

සිතේ දුක, දීර්ග කාලීනව තිබීම කායික මානසික රෝග රැසකට හේතු වෙනවා. ලොව බොහෝ රෝග ඇතිවන්නේ මෙනිසායි. රෝග ඇතිවන්නේ දීර්ග කාලීනවයි. තවද අපගේ ක්‍රියා වල පලදායි තාවටද බලපානවා. 

සමහර විට කාලයත් සමග ඔයිට වඩා ආදරය කල හැකි අය හමුවීමටත් පුළුවනි. සිතේ ස්වභාවය නම් ඔහු හෝ ඇය විතරක් බව අපේ සිතට නිතර නිතර මතක් කරදීමයි. නමුත් එය අපේ සිතේ පවතින වැරදි මතයක්. අප විසින් සිතට නිවැරදි ස්වභාවය තේරුම් කරදී නිවැරදිව සිත පුහුණු කල යුතුයි. මෙය ඔබේ උත්සාහයෙන් සිදුකල යුතුයි. ඉබේ සිදු නොවේ. 

ආදරය නිසා ඇතිවන වේදනාවන් ගොඩක් දරුණුයි. අමතක කරන්න අමාරුයි. මට ඔබගේ තත්වය හොදින් වටහා ගත හැකිය.ජීවිත කාලය පුරාවට එම සිතුවිලි ඔබේ සිතට එන විට,, ජීවිතේ සැබෑ ස්වරුපය වෙනස් වීම බවත්, අපිට අපි කැමති විදියට ස්වභාවධර්මය වෙනස් කල නොහැකි බවත්, තමාට සිදුකරන්න තියන දේවල් උපරිම හොදින් නිවැරදිව සිදුකරන්න පුරුදුවන්න. එමගින් අවසානයේ තමාගැන තෘප්තිමත් වියහැකිය. මොකද අවසානයේ කවුරු හිටියත් ඒ හැමෝවම අපිට දාල යන්න වෙනවා. තමා තමාටත් අනුන්ටත් කල හෝද නරක තමයි අපිට ඉතුරු වෙන්නේ.. 

මෙලෙස සිතන්න පුරුදු වෙන්න.. ප්‍රයෝගික හා සත්‍ය මෙයයි. 




මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 28 Jul 2019 Sun 11:28 PM