ප්‍රශ්න තොරතුරු

mata samhra welawata mn thaniyma iddi mn thni wela denenana nisa mta adum galawala e kiynne mta adum adum nethuwa inna hithenawa. mn gdak welawata bath knne gedra anith weda krnne adum nethuwa itn eka manasika ledak da??mta pehedili pilithurak laba dennq

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

මානසික ලෙඩ ගත් විට එහි විශාල විවිධත්වයක් ඇත. සමහර අයට එමගින් සාමාන්‍ය ජීවිතය පවත්වා ගෙන යාමට බොහෝ බාධා ඇති වෙනවා. එවැනි තත්ත්ව සැලකිය යුතු තත්ත්ව වෙනවා. බොහෝ අය,අපි හැමෝම යම් යම් අවස්ථාවලදී විවිධ හේතු නිසා මානසික රෝගී තත්ත්ව වලට ගොදුරු වෙනවා. හැබැයි ඒවා ගොඩක් වෙලාවට තාවකාලිකයි. මානසික පීඩනය ඇතිවීමට බලපැ හේතුව වෙනස් වෙනකොට එම තත්ත්ව යහපත් අතට සාමාන්‍ය අතට හැරෙනවා.

ඔබටද ඇතිවී තිබෙන්නේ යම් තාවකාලික මානසික පීඩනයක ප්‍රතිපලයක්  බව මට හැගෙනවා. ඔබ තනිව සිටින විට තනි වෙලා බව දැනෙන නිසා එසේ සිටින බව මට ඔබගේ ගැටලුවෙන් වටහා ගැනීමට හැකි වූ දෙයයි. සමහර අය  යම් වින්දනයන් ලබා ගැනීමට මෙවැනි ක්‍රියා වල නිරත වෙනවා. නමුත් ඔබ තනි වෙලා කියලා හිතෙන නිසා එසේ සිටින බවක් තමයි පවසන්නේ. ඔබ‍ට ජීවිතේ යම් ස්ථිර අරමුණක් යම් ඉලක්කයක් ඇතිනම් මට සිතෙන විදියට තනිකමක් දැනෙන්නේනැ. යම් වෙලාවකට දැනුනත් තමා කැමති යහපත් ඉලක්කය ජයගැනීමට එම සිතුවිලි යටපත් කර  කටයුතු කල හැකිය.. 

ඔබ පළමුව තේරුම් ගත යුතු දෙය තමයි, ඇදුම් නැතිව සිටීමේ සහ ඇදුම් ඇදීමේ වෙනස.. මම ඔබ‍ට මෙය පැහැදිලි කරන්නේ තර්කානුකූලව ඔබටම තනිව සිතීමට හැකිවීමට උදව්වක් ලෙසයි. ඇත්තටම මිනිසුන්ගේ අතීතය සලකා බැලූවිට අපිට ඉස්සරලම ඇදුම් තිබ්බේ නැ. ඔබ ඉතිහාසය විෂය ඉගෙන ඇතිනම් ඔබ දන්නවා ඇති. ඒකාලයේ හැමෝටම ඇදුම් නැති නිසා කවුරු හෝ ඇදුම් නැතිව සිටීම ගැටලුවක් උනේ නැ. නමුත් කල් යනවිට විවිධ අවශ්‍යතා නිසා සිරුර ආවරණය කර ගැනීමට අවශ්‍ය උනා..සීතලෙන්, මැසි මදුරුවන්ගෙන්, සිරුරට හානිකර දේවල් වලින් ලෙඩ රෝග වලින්  ආරක්ෂා වීමට, සිරුරේ වසා ගත යුතු අවයව වසා ගැනීමට (නොදැනුවත්කම නිසා ඇතැම් අවයව පෙනෙන ලෙස පැවතීම තමාතුලත් අන් අය තුලත් සමහර අනවශ්‍ය හැගීම් ඇතිකරනවා , ඒවා ගෙන් ඇති වන අනිටු ප්‍රතිපල වලකිමටත් )...මෙලෙස ඇදුම් ඇදීමට හේතු ගොඩක් තිබෙනවා. 


නමුත් අද අපි ඇදුම් අදින්නේ ඇයි? ගොඩක් වෙලාවට පුරුද්දට, පොඩිකාලේ ඉදන් ඇන්ද නිසා, නැත්තම් සිරුර ලස්සන කරන්න, අනිත් අයට වඩා කැපී පෙනෙන්න.. ඇදුම් ඇදීමේ අරුත අපිට දැන් අමතකයි. ඉස්සර ඇදුම් නැතුව හිටපු අපිට දැන් ඇදුම් නැතුව ඉන්නවා කියන එක ටිකක් අමුතුයි වගේ. මෙහෙම වෙන්නේ අවශ්‍යතාවය නොසිතා අනවබෝධයෙන්  අපි ඇදුම් අදින නිසයි. එනිසා ඔබ‍ට පෙර පරිදි සිතුවිලි සිතෙන විට මම විස්තර කර ඇති විදියට දිගටම හිතන්න. ඔබ ඔබෙන්ම අසා ගන්න ඇයි මට මෙහෙම හිතෙන්නේ ඇදුම් නැතුව සිටීමේ හා ඇතුව සිටීමේ වෙනස මොකක්ද. ඇදුම් ඇදීමේ අරමුණ මොකක්ද. ඇයි එහෙනම් මට මෙහෙම හිතෙන්නේ, මෙතන තමයි මට වැරදුන තැන කියලා ඔයා ඔයාගේ හිතින්ම ප්‍රශ්න අහල තර්ක කරන්න.... ඇත්තටම කිව්වොත් අනිත් අය මොනවා කිව්වත් සිතුවිලි වල වැරැද්ද හදුනා නිවැරදි කර ගැනීම අදාල පුද්ගලයා සතු කාර්යක්. ඔහුගේ හෝ ඇයගේ උත්සාහය මත රදා පවතින්නක්. අනිත් බාහිර අයට කල හැක්කේ කල යුත්ත කුමක්ද පෙන්වා දීම පමණි... එනිසා හොදින් තේරුම් ගෙන ක්‍රියාවට නගා බලන්න... මෙය ඔබ‍ට ශක්තියක් වේවායි පතමි... 

ජීවිතයේ වැදගත් කම තේරුම් ගෙන, ජීවිත කාලය තුල කෙතරම් තමාටත් අනුන්ටත් යහපත සිදුවන වැඩ කළහැකිද බලන්න..  ඔබ කැමති අරමුණක් තෝරාගෙන එය ජයගැනීමට නිතර ක්‍රියාමාර්ග සිතන්න..එවැනි  දේවල් සිදුකල, කරන පුද්ගලයන් පමණක්  ඇසුරු කරන්න,  එවැනි දේවලට උදව් වන පත පොත කියවන්න.... එසේ කලොත් ඔබ‍ට ජීවිතය තුල ජීවත් වන බව දැනේවි..තනිකමක් පාළුවක් නොදෙනේවී. තමා පිළිබද තමාටම සතුටක් තෘප්තියක් දැනේවි. තනිකම පාලුවට අන් කෙනෙක් හො දෙයක් අවශ්‍ය නොවේවි..   එම ක්‍රියාවලින් ඇතිවන ප්‍රීතිය සොම්නස වැඩිපුර විදීමට හුරුවන්න... පුදුමාකාර ආත්ම ශක්තියක් ඔබටම දැනේවි.. ඔබ සාර්ථක පුද්ගලයෙක් වනු බව නො අනුමානයි... 







මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 30 Jul 2019 Tue 11:47 AM