ප්‍රශ්න තොරතුරු

mn marry krla ne..mta aurudu 24e..pirimi knkta denenna adare karanne kohomada kiyl kiynwada..

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ප්‍රථමයෙන්ම ආදරය යනු කුමදැයි හදුනා ග තයුතුයි.කැමති දේවල් පමණක් කිරීම හෝ ලබා දීම ආදරය නෙවේ. ඔහුට හෝ ඇයට යහපත වෙනදේවල් කිරීම සහ අනෙකාගේ අවශ්‍යතා හොදින් වටහා ගැනීම හොද ආදරයක ලක්ෂණයක්. මෙහිදී වැදගත් වෙන්නේ හොද නරක, කල යුතු නොකළ යුතු දේවල් පැහැදිලිව හදුනා ගැනීමයි . යාළුවෙලා ඉන්න කාලයේ කල යුතු දේවල් සහ බැන්දට පස්සේ කල යුතු දේවල් වල වෙනස හොදින් වටහා ගත යුතුයි. අද බොහෝ ප්‍රශ්න ඇති වී තියෙන්නේ මේ නිසයි. මෙය හොදින් තෝරා බේරාගෙන හැගීම් වලට වහල් නොවී  ක්‍රියාවට නැගුවොත් ඔබ‍ට ඉතා සාර්ථක දිවියක් ගත කල හැකිය. 

ඔබ තරුණ වයසේ පසුවන නිසා,  හෝමෝන වෙනස් කම් නිසා ඔබ පෙර අත්නොදැක්ක කායික මානසික  වෙනස් කම් අද්දකින්න පුළුවන්.. ඒවා නිවැරදිව තේරුම් ගන්න ටිකක් කල් ගත වෙනවා..එය අත්දැකීම් සමග සිදුවන්නක්..  මේ අවදිය ගොඩක් හැගීම් බර අවදියක්. ගොඩක් ආදරය සොයන අවදියක්. ආදරය නිවැරදිව තොර නොගෙන වැරදි පැත්තෙන් අල්ලගත්තොත් ජීවිතේ ආගදයකට වැටෙන්න පුළුවන්.. ගොඩක් දේවල් අපි ඉගන ගන්නේ අද සමාජය දිහා බලලා.. හැබැයි සමාජයේ නිවැරදි නොවන දේවල්,  වැරදි මත පවතින්න පුළුවන්. එනිසා බුද්දීමත්ව,  කල යුතු දේවල් කල යුත්තේ ඇයිද කියලා හොයල බලලා කරන්න. 

ප්‍රථමයෙන් මිනිසුන්ට ආදරයේ අවශ්‍යතාවය ගැන සිතා බලන්න. ආදරය නිසා ඇතිවන අනිටු විපාක ගැන සිතන්න. ආදරය ගැන හොද අවබෝදයක් ලබා ගන්න.. හැබැයි සැබෑ ආදරය දුර්ලබයි. එනිසා සමාජයෙන් වැරදි ආදර්ශ ගන්න එපා. 

ආදරය කියන්නේ මිනිසුන් සතුන්ට තියන මානසික අවශ්‍යතාවක්. අපිට කායික අවශ්‍යතා ලෙස කෑම, ඇදුම්, බෙහෙත්. ගෙදරක්  අවශ්‍ය වනවා වගේම, මානසිකව  ආදරය බලාපොරොත්තු වෙනවා. සුළු වශයෙන් පුද්ගලයා ගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්.. 

ගෑනු, පිරිමි ලෙස අපි නම් කලත් බේදයක් නැතුව අපි ආදරයට එක හා සමානව කැමති. ඔබ‍ට කව්රුහරි කොහොම ආදරය කරන වටද ඔබ කැමති. ඒවගේ තමයි අනිත් අයත්. බොහොම සුළුවෙන් වෙනස් වෙන්නේ.. 

හිතට දැනෙන්න ආදරය කරනවා කියන්නේ මම හිතන විදියට අනෙකාව හොදින් තේරුම් ගැනීමත්,, යහපත සිදුවන සිතුවිලි, වචන, ක්‍රියා පවත්වා ගෙන යාමත්ය  (සමහර වෙලාවට අනෙකා අකමැති දේවල් කරන්න වෙනවා ඔහුගේ යහපත වෙනුවෙන්, ඔහු අකමැති කියලා යහපත සිදුවන දේ නොකර,, ඔහු කැමති අයහපත සිදුවන දේවල් ගොඩක් දෙනා කරන්න පෙලබෙනවා, ගොඩක් වෙලාවට අනෙකා අහිමිවේවි කියලා බයට. හැබෙයි එය සැබෑ ආදරය නොවේ. අහිමි උනත් කල යුත්තේ ඔහුට යහපත සිදුවන දෙයයි. එය සැබෑ ආදරයයි.. මෙය ඉතා දුර්ලභ දෙයක්.. නමුත් මෙය යථාර්තයි.. )

ඔබ‍ට සැබෑ පෙම්වතියක් වීමට හැකිවේවායි  මම පතමි.. 


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 03 Aug 2019 Sat 8:15 AM