ප්‍රශ්න තොරතුරු

1මට කන්ඩායමක් එක්ක වැඩ කරන්න අපහසුයි.ඒ වෙලාවට මන් පහුබහිනවා වගේ දැනෙනවා .පිරිසගෙ අවදානය ලැබෙන විදියට කතා කරන්න තේරෙන්නෑ .කන්ඩායමෙන් අයින්වෙලා පැත්තකට වෙලා ඉන්න හිතෙනවා උද්‍යෝගයක් දැනෙන්නෑ *සමහරු එක්ක මට කතාකරන්න අදහස් එන්නෑ .හිතලා ආයාසයෙන් තමා වචනයක් දෙකක් කතාකරන්නෙ.ඒ කතා කරනදේටත් ඒ අයගෙ අවදානය  දිනාගන්න අමාරුයි 2කොහොමද අනිත් අයගෙ හිත් දිනාගන්න විදියට හැසිරෙන්නෙ.. සමාජ ආකර්ෂණය ලබාන්නෙ කොහොමද ?

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

.කණ්ඩායමක් ලෙස වැඩ කරන විට ඔබ පළමුව අවබෝධ කරගත යුත්තේ කණ්ඩායමක් ලෙස වැඩකර ලගා විය යුතු අවසන් ප්‍රතිපලය ගැනයි. දෙවනුව ඒසදහා ක්‍රියා කළහැකි විවිධ ආකාර පිළිබද සිතා බලන්න. ඉන් පසු වැඩ කරන විට මුහුණ දිය හැකි අභියෝග පිලිබදව සිතන්න. ඉන් පසු ක්‍රියා කරන්න . මින් පසුව තමයි කණ්ඩායම ගැන සිතිය යුත්තේ. කණ්ඩායමේ සාමාජිකයින්, ඔවුන් සතු හැකියාවන්. හැකියාවන්ට අදාළ වැඩ ඔවුනට පවරා දීම් ආදිය .. ඔබ‍ට උදාසීන බවක් දැනෙන්නේ ඔබ තුල අදාළ ක්‍රියාකාරකම ගැන තිබෙන අඩු අවබෝදය නිසයි. කලයුතු දෙය ගැන හොද අවබෝදයක් තියනවනම් සක්‍රියව අදාළ කටුත්තට සහබාගි වියහැකිය. එවිට ඔබ පැවසූ දේවල් සිදුවන්නේ නැත. 

සමාජයේ විවිධ පුද්ගල වර්ග සිටිනවා. එක් එක් අය එක එක දේවල් දකින්නේ විවිද අයුරින්. එනිසා හැමෝගෙම හිත සතුටු වෙන අයුරින් වැඩ කරන්න අමාරුයි. වැඩකරන විට ප්‍රසංසා මෙන්ම නින්දාද එක සමානව ලැබෙනවා. මෙයට අප සුදානම් විය යුතුයි. අන් අයගේ ආකර්ෂණය ලබා ගැනීමට වුවමනාවෙන් හිතලා  ක්‍රියා කරනවාට වඩා ස්වාභාවිකවම එය අපහසුවකින් තොරව ලබා ගත හැකිය මම පෙර කී පරිදි හොදින් සැලසුම් කර අවබෝදයෙන් වැඩ කලොත්. 

සමාජයේ බොහෝ අය වැඩ කරන්නේ අනිත් අයගේ ආකර්ෂණය ලබා ගන්න. ඇත්තටම එසේ බලාපොරොත්තු වන අයට බොහෝ මානසික කායික දුක් පීඩා විදින්න සිදුවෙනවා. 

නමුත් හොද යහපත් අරමුණක් ඇතිව තමුන්ටත් අනුන්ටත් යහපත් වන සිතුවිලි වචන ක්‍රියා පවත්වා ගෙන යමින්,  කරන වැඩ සාර්ථකව, කිසිවක් පෙරලා බලාපොරොත්තු නොවී කරනවා නම් නිරායාසයෙන්ම ඔබ පුජනීය චරිතයක් බවට පත් වේවි. 

ඔබ මදක් සිතා බලන්න අතීතයේ ඇතැම් මැරුණු මිනිසුන් ගැන පවා අදටත් අපි කතාකරන්නේ ඔවුන් කිසිවක් බලාපොරොත්තු නොවී අන් අයගේ යහපත වෙනුවෙන් කටයුතු කල නිසයි. මම හිතන විදියට නම් ආකර්ශනය  ලබා ගත හැකි හොදම ආකාරය එයයි. එනිසා ඔබත් එම ආකරෙයෙන් ක්‍රියා කර බලන්න. ඔබ සිතන අයෙක් බවට පත් වීමට ඔබ‍ට හැකි වේවි. 


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 10 Aug 2019 Sat 8:03 PM