doctor dipprashan kiyana rogi thathwaya mage gf tiyenwa dan 6year wage edala beheth gannawa meka sampurna yenma suwa karanna barida api marry krnnath hithan enne meka marry karama angathyata badawak athi weida
හිතවත් පරිශීලක,
ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.
Depression හෙවත් විෂාදය මානසික රෝගයක් වන නමුත් එය නිසියාකාර ප්‍රතිකාර මගින් සම්පූර්ණයෙන්ම පාලනය කළ හැකි තත්වයකි.
දැනටමත් ඔබ අවුරුදු හයක් පුරා ප්‍රතිකාර ගන්නා නිසා එය බිය විය යුතු නැත. මෙවැනි රෝග සම්පූර්ණයෙන්ම සුව කිරීමට වඩා පාලනය කිරීම කළ හැකි බව පැවසීම උචිත ය . කාලයත් සමගම නිවැරැදි ප්‍රතිකාර මගින් මෙම රෝගී තත්ත්වය නැති වී යාමට වුවද හැක . ඇයව මානසිකව ඉතා හොඳ මට්ටමක තබා ගන්නා තෙක් මෙම රෝගී තත්ත්වය නැවත ඇති වීමක් නොවිය හැක .
නමුත් ඔබ දැනටමත් සිදු කරගෙන යනු ලබන ප්‍රතිකාර ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාම ඉතා වැදගත්ය මෙය ඔබගේ අනාගත විවාහයට බාධාවක් කර ගත යුතු නැත . ඔබ ඇය හා රෝගය ගැන ඉතා හොඳ අවබෝධයකින් සිටින බව පෙනී යන නිසා එය ඔබට අනාගතයේ දී ගැටලුවක් නොවනු ඇත .
නමුත් මෙම රෝගය බෙහෙත් වලින්ම වලින් ම පාලනය කළ නොහැකි බවත් ඇගේ මානසික තත්ත්වය කම්පන වලට ඔරොත්තු ඔරොත්තුදීමේ හැකියාව ආදිය ගැන ඔබ අවධානය තබා ගත යුතුය . විශේෂයෙන් ම මෙවැනි රෝගීන් සිය දිවි නසා ගැනීම වැනි තත්ත්වයන්ට වුවද රෝගය උත්සන්න වීමේ දී පත් විය හැක
ඔබට වඩාත් හොඳ අදහසක් ලබා ගැනීමට ඇයට ප්‍රතිකාර කරන විශේෂඥ මනෝ වෛද්‍යවරයා හමුවී මෙය සාකච්ඡා කිරීම උචිත බව සිතමි .
මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.
ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.
නිරතුරු ඔබ ලඟින්ම,
යෙහෙළි.
ප්‍රශ්න අසනු ලබයි 12 Aug 2019 Mon 8:47 AM